”මැක්ස්”ඝාතනයට සම්බන්ධ සියළු පරික්ෂණ වාර්ථා මැයි 22 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියෝගයක් !

0
115

Max 8වෙසක් පෝ දා නිවසක ඇතිදැඩි කළ මැක්ස් නම් සුරතලෙකු ඝාතනයට පෙරියුමුල්ලේදි ඝාතනයට ලක්ව තිබුනේ වෙඩි තැබිමකිනි. ඒ වෙඩිල්ල පැමිණ තිබුනේ පෙරියමුල්ල ශා. අන්තෝනි පාරේ අංක 70 දරණ විශ්‍රාමික පොලිස් අධිකාරිවරයෙකු ගේ නිවසෙනි.
මැක්ස්ගේ හිමිකරු වන බ්‍රිටෝ ප්‍රනාන්දු මිගමුව පොලිසියට පැහැදිලි කියා තිබුනේ තමන් සැකකරන්නේ ක්ලෙමන්ට් නම් විශ්‍රාමික පොලිස් අධිකාරිවරයා මෙය කරන්නට ඇති බවය.
කෙසේ වෙතත් මිගමුව පොලිසිය මේ සටහන තැබෙන තුරු කරන්නට යෙදි ඇති සියළු පරික්ෂණ වාර්ථාවලදි විශ්‍රාමික පොලිස් අධිකාරිවරයාගේ නිවෙසින් තුවක්කුවක් පත්තුවි ඇති බවක් අධිකරණයට කියා ඇති බවක් නොපෙනේ.
මේ පිළිබදව මැක්ස්ගේ හිමිකරු මෙන්ම මෙම නඩුව වෙනුවෙන් පෙනි සිටින නිතිඥ මහතාද අධිකරණය භුමිය තුලදි මාධ්‍ය හමුවේ මේ ගැන පවසා තිබුණි.
පසුගිය 18 වෙනිදා මිගමුව මහෙස්ස්‍රාත් අධිකරණයේදි කැදවා තිබුන මෙම නඩුවේදි මහෙස්ස්‍රාත්තුමිය විසින් මිගමුව පොලිසිය වෙත දැනුම් දි තිබුනේ මැයි 22 වන විට ඒ දක්වා කර ඇති සියලුම පරික්ෂණ වාර්ථා අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසය.