මැක්ස්ට වෙඩි තියපු තුවක්කුව කෝ ???????

0
132
ක්ලේමන්ට් ප්‍රනාන්දු ඇප ලබාපිටයැමට සැරසෙන අයුරු
ක්ලේමන්ට් ප්‍රනාන්දු ඇප ලබාපිටයැමට සැරසෙන අයුරු
max6
මැක්ස්ට වෙඩි වැදුන තැන ගැන පරික්ෂණ පවත්වන නිලධාරින්

Max 7Max 8

( 11.15 am ) මීගමුවේ පෙරියමුල්ල ශා. අන්තෝනි පාරේ අංක 70 දරන නිවසේ පදිංචි විශ්‍රාමික පොලිස් අධිකාරිවරයෙකු වන ක්ලෙමන්ට් ප්‍රනාන්දුට එරෙහිව ඊයේ දිනයේ රටේම විරෝධය එල්ල වි තිබුනේ වෙසක් පෝය දිනයේ සුරතල් සුනඛයෙකු වෙඩි තබා කළ ඝාතනය තිරිසන් ක්‍රියාවක් ලෙස හඩ නගමිනි.ඒ බහුතරයක් දෙනා එක හඩින් කියා තිබුනේ මේ ඝාතකයාව අත්අඩංගුවට ගන්නා ලෙසය.
මීගමුව පොලිසිය කෙසේ ඊයේ ක්ලමෙන්ට් ප්‍රනාන්දුව අත්අඩංගුවට ගෙන තිබුණි.
වැඩ බලන මහේස්‍රාත්වරයෙකු හමුවටද ඉදිරිපත් කර තිබුන අතර දැන් ඇපද ලැබි  ඇත.
දැන් මතුව ඇති ප්‍රශ්ණය වන්නේ මැක්ස්ව ඝාතනය කරන්නට යොදාගත් ගිනිඅවිය කොහේද යන ප්‍රශ්ණයයි.
දැනට ඇති තොරතුරු අනුව මැක්ස්ව ඝාතනය කළ ගිනිඅවිය මිගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන නැත.
බ්‍රිටෝ විසින් මතුකරන බරපතල ප්‍රශ්ණය දැන් යළිත් ඉතුරු වි තිබේ..
එනම් ගිනිඅවියක් සහිත පුද්ගලයෙකු පෙරියුමල්ලේ ශා.අන්තෝනි පාරේ සිටින බවය.
රටක්ම  CCTV කැමරා දර්ශනවලින් දුටු පරිදි මැක්ස්ට වෙඩි වැදුන පසු ඔහු ආපසු හැරි සිය නිවස දෙසට දුව යයි . ගතවන්නේ තප්පර 10 ක් තරම් කාලයකි.
මැක්ස් සිය අදරැති රැකවලාගේ පාමුල මැරි වැටෙයි.
මේ තත්වය විසින් කියා සිටින්නේ ගිනි අවියේ තරම ගැනය. මැක්ස්ට තැබු වෙඩි පහර හේතුවෙන් අසල නිවසක තාප්පයද කඩතොලු වි ඇත.
බ්‍රිටෝ ටද ඒ වෙඩි හඩ හොදින් ඇසි ඇත.
මේ සියල්ල විසින් කියැවෙන්නේ භාවිත කරන්නට ඇතැයි සැක කරන ගිනිඅවියක් ගැන සමාන්‍ය ජනයාගේ මනස අවදි වි ඇති ආකාරයයි.
එමෙන්ම මේ වන විටත් සත්ව අයිතිවාසිකම් සංවිධාන විසින් මැක්ස් ගේ විශේෂ පශ්චාත් මරණ පරික්ෂණයක් සදහා කොළඹට ගෙන ගොස් ඇත.ඒ තුලින්ද මැක්ස්ගේ ඝාතකයා අතවු ගිනි අවිය ගැන විද්‍යාත්මක තොරතුරු කියැෙවනු ඇත.
ක්ලේමන්ට් යනු හිටපු පොලිස් අධිකාරිවරයෙකි.
ඔහු ඇතැයි සිතිය හැකි පොලිස් සම්බන්ධතාද එමට විය හැකිය.
දැනටමත් ඇරඹි ඇති මැක්ස්ගේ ඝාතන පරික්ෂණ සිදුවන ආකාරය ගැන විවිධ විවේචන මතුවෙන්නට පටන්ගෙනය.
රටක් නොව මේ වන විට ලොවක් බලා සිටින සත්ව ඝාතනයක් බවට පත්ව ඇති මේ සිදුවිම ගැන මිගමුව පොලිසිය සිය වෘත්තියභාවය මෙන්ම අපක්ෂපාත බව නිවරදිව පෙන්නුම් කරන තරමට ඔවුන්ව රටක් තුල නොව ලෝකයා හමුවේද ඇගයුමකට ලක්වනු ඇත.
එසේ නොවන්නේ නම් ලෝකය පුරා ඇති සත්ව අයිතිවාසිකම් සංවිධාන මැක්ස්ට යුක්තිය ඉටුකරන ලෙස බලකරමින් ඉහලම තැන්වලට පවා යෑම දැන් නම් අනිවාර්යයකි.
මැක්ස් vs ක්ලෙමන්ට් යනු අනාගත පරපුරද කථාකරන අරගලයක් බවට පත්කිරිම මිනිසුන්ට මෙන්ම සතුන්ටද එක් සේ ආදරය කරන සැමගේ වගකිමකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here