මැක්ස්ව ඝාතනය කරපු තුවක්කුව හොයාගන්න මිගමුව පොලිසියට බැරිවුනේ ඇයි ?

0
197

මැක්ස්වෙසක් පෝ දිනයේ ම්ලේච්ජ ලෙසින් ඝාතනය වු මැක්ස් ගැන දැන් රටම දනි. ඝාතනය වි විදිය පමණක් නොව ඒ උණ්ඩය පැමිණි නිවස ගැනද දනි.
එපමණක් නොව ලෝකයේ සත්ව අයිතින් වෙනුවෙන් පෙනි සිටින සංවිධානවල අවධානයද මේ වන විට මේ සිදුවිම කෙරෙහි යොමුව ඇත.
සිදුවිමෙන් පැය එකාමාරක කාලයක් තුල එහි පැමිණෙන මිගමුව පොලිසියේ මූලස්ථාන පොලිස් පරික්ෂක වුඩ්ලර් මහතා සිය කණ්ඩායම් මෙහෙය වමින් දිගට හරට දුරකථ ඇමතුම් ගණිමින් දැවැන්ත මෙහෙයුමක් සිදුකරන හැටි අපද බලා සිටියේ මැක්ස්ගේ ඝාතකයාට අද නම් බඩු හරි යයි යන විශ්වාදදායක සිතුවිල්ලකිනි.
කාලය කෙමෙින් ගෙවිනි.
සවස දැනගන්නට ලැබෙන්නේ මැක්සගේ ඝාතකයාව පොලිසියට කැදවා තිබුන බවය.
පසුව වැඩබලන මහේස්‍රාත්වරයෙකු වෙත ඉදිරිපත් කෙරුන අතර ඇපද ලැබුණි.
රටක් බලා සිටියේ ගිනිඅවියකින් වෙඩි තබා ඝාතනය කරන ලද මැක්ස්ගේ මිනිමරුවාව තුවක්කුච සමගින් මිගමුව පොලිසිය අධිකරණයට ඉදිරිපත් කරන්නට ඇතැයි කියාය.
එහෙත් එය එසේ වි නැති බව පසුව දැනගන්නට ලැබේ.
මිනිමරුවා හිටපු පොලිස් අධිකාරිවරයෙකි.
දැන් ගැටළුව ඇත්තේ මැක්ස්ගේ හිමිකරු බ්‍රිටෝ ප්‍රනාන්දුද මතු කරන අයුරින් වෙඩිතබා බල්ලන්ද ඝාතනය කරන තුවක්කුකරුවෙකු මිගමුව පෙරියමුල්ලේ සිටින බවය.
බ්‍රිටෝ ප්‍රනාන්දු විසින් ඉතා පැහැදිලිව තමාගේ සුරතලාව ,මැක්ස්ව වෙඩිතබා ඝාතනය කළේ විශ්‍රාමික පොලිස් අධිකාරි ක්ලෙමන්ට් යැයි පොලිසියට කියා  ඇත.
CCTV දර්ශන වලින් මැක්ස්ට වෙඩි වදින අයුරුත් ඒ වෙඩිල්ල එන්නේ කොයි නිවෙසේ සිටදැයි පැහැදිලිය.
පොලිසිය මේ සිදුවිම ගැන පැය 2 කකට වඩා ස්ථානිය පරික්ෂණද ඇතුළු විමර්ශනය නියැලේ.
මුල්ස්ථාන පොලිස් පරික්ෂක වුඩ්ලර් මහතා මැක්ස්ව ඝාතනය කළ ක්ලේමන්ගේ නිවසට ගොස් ඔහුව හමුවි කථා කරයි.
මේ සියල්ල එසේ තිබියදි තුවක්කුව පමණක් නැත.
එය සැබැවින්ම අනතුරකි.
තුවක්කුවක් පාවිචිච කළ අයෙකුව මිගමුව පොලිස් වසමේ සිටියදි ඒ තැනැත්තාගේ තුවක්කුව අත්අඩංගුවට ගැනිමට මිගමුවේ පොලිස් ලොක්කන්ට නොහැකිවිම අහම්බයක්ද ?
දැන් මෙය රටම ප්‍රශ්ණයකි.
විනය ගරුක රටක් හදන බවට සපථ කළ ජනපති ගෝඨාබයගෙන් අප අසන්නේ බල්ලෙක් වෙඩි තබා ඝාතනය කළ මිනිමරුගේ තුවක්කුව හොයාගන්නට බැරි තරම් දුර්වල පොලිසියක් දැන් මිගමුවේ ඇති බව ඔබ නොදන්නේ දැයි කියාය.?????

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here