මැතිවරණයට පෙර සිකුරාදාවල් 5 ක් ?

0
149
Sri Lanka's newly elected president Maithripala Sirisena waves to supporters as he leaves the Election Commission office in the capital Colombo on January 9, 2015. Maithripala Sirisena will be sworn in as Sri Lanka's new president January 9 after the strongman incumbent Mahinda Rajapakse conceded defeat in a bitterly fought election, brought down by charges of corruption and growing authoritarianism. AFP PHOTO / ISHARA S. KODIKARA (Photo credit should read Ishara S.KODIKARA/AFP/Getty Images)

ලාංකීය දේශපාලනය තුල සිකුරාදා දිනය තරම් තිරාණාත්මක වන දිනයක් නැත.ඒ අනුව අද සිට එළඹෙන මැතිවරණ දිනය දක්වා ඇති සිකුරාදාවල් ගණන 5 ක් වේ.පවතින දේශපාලන වර්ධනයන් තුල එළඹෙන සිකුරාදාවල් එක්තරා අපෙක්ෂකයෙකුට වඩාත් වාසි සහගතවත් අනෙකාට අවාසිය ගෙන දෙමිනුත් පෙළගැසෙන්නට ඇති ඉඩකඩ වැඩි බව දේශපාලන විශ්ලේෂකයෝ පවසති.
මේ අතර පසුගිය කැබිනට් මණ්ඩල රැස්විමේදි ජනපති සිරිසේන හට ඔහු දැනට පදිංචිව සිටින නිවස ලබාදිමට තීන්දුවක් ගෙන තිබුණ අතර ඇතැම් වෙබ් අඩවි මේ ගැන සදහන් කර තිබුනේ ඇමති මංගලනේ විශ්‍රම යන මෛත්‍රිට සුපිරි තෑග්ගක් යන සිරස්තල යටතේය.

විශ්‍රාම යන මෛත්‍රිට සුපිරි තෑග්ගක් !

විශ්‍රාම යාම සදහා තවත් හරියටම මාසයක කාලයක් පමණක් ඉතිරිව තිබියදී ජනාධිපති ‌මෛත්‍රිපාල සිරිසේන මහතා රැදී සිටින පැජට් පාරේ පිහිටි සුපිරි ජනපති නිල නිවෙස කැබිනට් පත්‍රිකාවක් මගින් ඒ මහතාටම පවරා දීමට කැබිනට් මණ්ඩලය කටයුතු කර ඇත.

පසුගිය 15 වෙනිදා  පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමට ‌මෙම අමාත්‍ය මණ්ඩල සන්දේශය ඉදිරිපත් කර ඇත්තේ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසිනි.

ඉතිහාසයේ කිසිදු ජනාධිපතිවරයකු නිල කාලයේ සිටියදී ‌මේ ආකාරයට තමන් රැදී සිටින නිල නිවෙස විශ්‍රාම යාමෙන් පසු රැදී සිටීමට පවරා ‌ගෙන ‌නොමැති අතර මහින්ද රාජපක්ෂ මහතාත්, චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියත් විශ්‍රාම යාමෙන් පසු තමන්ට නිල වශයෙන් හිමි නිවෙස ලබා ගැනීම සදහා මාස කිහිපයක කාලයක් බලා සිටීමට සිදුව තිබිණ.

මීට අමතරව ජනාධිපතිවරයා විශ්‍රාම යාමෙන් පසු විශේෂ ආරක්ෂක බළකායේ ‌සෙබළුන්ගේ ආරක්ෂාවද කැබිනට් පත්‍රිකාව මගින්ම ‌සම්මත කර දීමටද  කැබිනට් මණ්ඩලය තීන්දු කර ඇත.

මෛත්‍රිපාල සිරිසේන මහතා රැදී සිටින පැජට් පාරේ පිහිටි සුපිරි නිල නිවෙස නිවාස 3ක් එක්කොට සකස් කරන ලද අධිසුඛෝපභෝගී නිල නිවෙසකි.