මැතිවරණ කටයුතු සදහා facebook ඇතුළු සමාජිය මාධ්‍යවලට අවසර ලබාදෙයි.

0
72

මෙවර ජපාන මැතිවරණයේදී ඡන්ද අපේක්ෂකයිනට තම මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා අන්තර්ජාලයේ විවිධ සමාජ වෙබ් අඩවි යොදා ගැනීමට අවසර හිමි වී තිබෙනවා.පසුගිය සතිය වනතුරැ ඡන්ද අපේක්ෂකයින්ට එරට පවතින දැඩි ඡන්ද නීති ආරක්ෂා කරනු පිණිස තමන්ගේ සමාජ වෙබ් අඩවි වල ඇති ගිණුම් ඉතා පරිස්සමින් පරිහරණය කලයුතු වුණා.

ජපානයේ මෙම ඡන්ද නීති වෙනස් කිරීමේ උත්සාහයේ කාලයක් තිස්සේ යෙදී සිටි තරැණ ක්‍රියාකාරිකයන්ගේ සහ එරට වන් වොයිස් ( one voice Campaign ) නම් ව්‍යාපාරයේ නිර්මාතෘවරයෙක් වන කෙන්සුකේ හරඩා (Kensuke Harada) මෙම නව වෙනස පිළිබඳව ඔහුගේ ෆේස්බුක් (Facebook) වෙබ් අඩවියේ ඉදිරිපත් කල අදහසකට අනුව ඔහු පවසන්නේ ඔවුන් මේ සම්බන්ද ව ගිය වසරේ  අප්‍රේල් මාසයේ සිට වෙහෙසුන බවත් .ඔව්න්ට මෙම තත්වයට පැමිණීමට උදව් කල සියලුමදෙනාට ස්තූති කරන බවත්ය.
ඔහු ඔවුන්ට මේ සඳහා කෙතරමි බලපෑමක් සිදුකිරීමට හැක්වූවාදැයි ඔවුන් නොදන්නා නමුත් ඔවුන්ගේ උත්සාහය නිශ්පල  නොවන බවත් ඔවුන් පවසනවා.මෙවැන් අදහස් රාශියක් මේ සම්බන්දව සමාජ වෙබ් අඩවි වල පලවී තිබුණා.

පුවත්පත් වැනි පැරණි සන්නිවේදන මාධ්‍යයන් වලින් ඉවත් වී ඇති ජපානයේ තරැණ පරපුරේ ජන්ද නැවතත් ලබාගැනීමට මෙවැනි වෙනසක් ජපාන දේශපාලන පක්ෂ බලාපොරොත්තු වුණා.එයට හේතු වුයේ පසුගිය වසරේ දෙසැම්බර් මස පැවති මැතිවරණයේදී වයස අවුරැදු 20ක් පමණ වන ඡන්ද දායකයින්ගෙන් ඡන්දය භාවිතා කර තිබුණේ 37.89% පමණක් වීමයි.මෙය ජපානයේ ඡන්ද ප්‍රකාශ කිරීමේ වාර්ථාගත කඩාවැටීමක් වුණා.

නමුත් මෙලෙස අන්තර්ජාලය හරහා විවර වු මේ ඉඩ නිදහසේම භාවිතා කිරිමට  නොහැකි වන පරිදි  නීති හා රෙගුලාසි වලට යටත් වී තිබෙනවා.
නිවැරදි ලෙස අනන්‍යතාවය තහවුරැ කරගැනීමට නොහැකි වන පණිවිඩයන් සඳහා වසර 2ක සිරදඬුවමක් හෝ දළ වශයෙන් ඇ.ඩො.3000ක දඩයක් නියම කෙරැණා.යමකිසි ද්වේශසහගත ප්‍රකාශයක් ඉදිරිපත්වී තිබුණහොත් එම ප්‍රකාශය ඉදිරිපත් කල දිනයේ සිට දින දෙකක් ඇතුලත ඒ සඳහා පිළිගත හැකි හේතුවක් ඉදිරිපත් කිරීමට නොහඅකි වුවහොත් එම ප්‍රකාශය ඉවත් කිරීමට සම්පූර්න අයිතිය අන්තර්ජාල සේවා සපයන්නාට හිමිවුණා.මෙලෙස දැඩි නීති වලට යටත්ව ක්‍රයාතමක වන මෙම ක්‍රමය සඳහා ජපානයේ ජනතාවගෙන් සතුටුදායක ප්‍රතිචාර මෙන්ම එතරම් සතුටුදායක නොවන ප්‍රතිචාරයන්ද ලැබී තිබුණා.