මැතිවරණ කොමිසමේ අවසන් නිවේදනය !

0
48

ballot box2017 ඡන්ද හිමි නාම ලේඛනයේ නම ඇතුළත් නොවන පුද්ගලයින්ට අයදුම්පත් හා අභියාචනා ඉදිරිපත් කිරීමට ලබාදී තිබූ කාලය අනිද්දායින් අවසන් වෙයි.

මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය පැවසුවේ ඒ සම්බන්ධයෙන් කරන අවසන් දැනුම් දීම මෙය බවයි.

2017 ඡන්ද හිමි නාම ලේඛනයේ නම ඇතුළත් නොවන පුද්ගලයින්ට ඉදිරියේදී පැවැත්වෙන කිසිඳු මැතිවරණයක දී ඡන්දය භාවිත කිරීමට නොහැකි වනු ඇති.

මැතිවරණ කොමිසමේ නිල වෙබ් අඩවියට පිවිසී සිය ජාතික හැඳුනුම්පත් අංකය සහ තමන් පදිංචි දිස්ත‍්‍රික්කය ඇතුළත් කිරීම මගින් ඡන්ද හිමි ලේඛනයේ නම ඇතුළත්ද යන්න පිළිබඳ පරීක්ෂා කරගත හැකිය.

ඒ සදහා පිවිසෙන්න……

http://www.slelections.gov.lk/web/index.php/si/