”මැතිවරණ ගැන තරුණයන්ගේ උනන්දුව අඩුවෙලා, දේශපාලනය එපා වෙලා”මැ.කෝ කියයි !

0
75
  mahinda deshapriyaදකුණු ආසියාවේ මැතිවරණ පිළිබදව වැඩිම උනන්දුවක් ඇති රට ශ්‍රිලංකාව වුවත් අද තරුණ ප්‍රජාව ඉතාමත් වේගයෙන් දේශපාලනයෙන් මැතිවරණ ක්‍රියාවලියෙන් ඇත් වෙමින් ඇතැයි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා කියා සිටියේ වෘත්තිය වෙබ් මාධ්‍යවේදින්ගමයේ නියෝජිතයන් හා පැවැති විශේෂ රැස්විමකදිය.
මෙම හමුව පෙබරාවරි 09 වනදා මැතිවරණ කාර්යාලයේදී පවැත්විණි.
මැතිවරණ කොමිෂන් සභාවේ සිව් අවුරුදු උපාය මාර්ගික සැලැස්ම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විශේෂයෙන්ම වෙබ් මාධ්‍යයේ  සහාය ලබා ගැනීමට හා ඡන්ද විමසීම් වලදී තරුණ හා කාන්තා සහභාගිත්වය ඉහල නැංවීම සදහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබදව වෙබ් මාධ්‍යවේදීන්ගේ අදහස් ලබා ගැනීම සදහා එම සාකච්ඡාව සංවිධානය කර තිබුණි.
බහුතරයක් මාධ්‍යවේදින් විසින් මේ දිනවල මැතිවරණ කොමසාරිස්වරයාගෙන් අසන ජනප්‍රියතම ප්‍රශ්ණයටද පිළිතුරු දිමට අමතක නොකල කොමසාරිස්වරයා එය මෙසේ වැකිගත කොට තිබුණි….

“කල්දාන එක ගැන මට මෙහෙම කියන්න පුළුවන් .බැලූ බැල්මට විද්‍යමාන වන පරිදි මෙය කල්දැමීමේ අවශ්‍යතාවකින් කවුරුවත් ක්‍රියාකරන බවට නිශ්චිත ප්‍රකාශයක් කොමිෂන් සභාවට නිකුත් කළ නොහැකියි.එසේ වුවත් , ගැඹුරු ශාන්ත මුහුද තුළ භයංකාර දියවැල් යටින් ඇති බවට සියලු දෙනාටම සැකකළ හැකි බව පමණක් කොමිෂන් සභාවේ මතය වෙනවා.ඕනෑම ශාන්ත මුහුදක භයංකාර දියවැල් නැහැ කියලා කාටවත් කියන්න බැහැ”.