මැතිවරණ පරාජයට මිගමුවේ ජනතාවගෙන් පළිගන්නවාද ? ඩෙංගු වැඩිවිම ඊට සම්බන්ධද?

0
142

denguward 2මීගමුවේ ඩෙංගු තත්වය බරපතල වෙමින් පැවතියදි රෝහලේ තත්වය මරාන්තික වෙමින් තිබේ.සැබැවින්ම රටේ බලධාරින්ගේ ප්‍රධාන අවධානය දැන් මිගමුවේ පවතින මේ අර්බුදකාරි තත්වය වෙත යොමුවිය යුතුව තිබේ.
එය කිසිවිටකත් වංචාකාරි දේශපාලකයන්ගේ ඡන්ද ගණන වැඩිකිරිමට ඉඩකඩ ලබාදෙන ව්‍යාපෘතියක් වෙනුවට සැබැවින්ම මිනිසුන්ගේ ජිවිත රැකිම ඉල්ලක කොටගත් එකක්ම විය යුතුය.
කෙසේ වෙතත් මිගමුවේ මැතිවරණ පරාජයත් සමගින් අමුතු ආකාරයේ පළිගැනිමකට සැරසෙන සෙයක්ද නිරික්ෂණය කරමින් සිටින බැව් ඇතැම් පුරවැසි නායකයෝ පවසති.
විධිමත් ලෙසින් දුමායන කටයුතු පසුගිය කාලය තුල මිගමුවේ බොහෝ ප්‍රදේශවල සිදුව නැති බවද විවිධ ප්‍රදේශවලින් දැනටමත් වාර්ථා වෙමින් තිබේ.
තතු මෙසේව තිබියදි ලංසා පවුලේ රාජධානිය වු වැල්ලවීදිය ප්‍රදේශයේදි පසුගිය දිනක මාස 4 ක් කුඩා දරුවෙකු ඩෙංගු රෝගයෙන් මිය ගොස් තිබුණි.
නගර සභාවට බදු ගෙවන ජනයා එවන් පිඩාවකට පත්වෙද්දි නගරාධිපතිවරයා වෙසෙන කටුවාපිටියේ නිවසට පමණක් ඩෙංගු මදුරුවෙකු පි්‍යාඹන දුර වන මිටර් 100 ක වපසරියක ඩෙංගු දුමායන කටයුතු අවම තරමින් සතියකට දින 3 ක් පමණ සිදුකෙරෙමින් ඇති බැව් කියන්නේ අවට ප්‍රදේශය වාසින්මය.
මේ ආකාරයෙන්ම නගරාධිපතිගේ සොහොයුරාගේ නිවස සහ අවට ඩෙංග මදුරුවාගෙන් ආරක්ෂා කර ගැනිම සදහා ධුමායන කටයුතු දිගටම සිදුකෙරේ.
කෙසේ වෙතත් මේ වන විට මිගමුව රෝහලේ ඩෙංගු රෝගින් ගණන 250ක් දක්වා වැඩිවි තිබේ.
බරපතල කාර්ය මණ්ඩලය හිඟයක්ද පවති.
ඒ සියල්ල එසේ වෙද්දි මිගමුව මහනගර සභාවේ දේශපාලන අධිකාරිය මෙන්ම පරිපාලන අධිකාරියද මිගමුව රෝහලේ කාර්යය මණ්ඩලයෙන් මෙන්ම රෝගින්ගෙන්ද පළිගන්නට මෙන් ගලිය නිසි ලෙසින් යවා මළ අපවහන ඉවත් කිරිමට පියවර නොගනිමින් සිටිති.
මෙය සැබැවින්ම ලැජ්ජා සහගත එකකි.
තුන්වෙනි පංතියේ කොමසාරිස්වරියද මේවා ගැන මීක් කියන්නේ නැත.