මැදපෙරදිගදි ගෙල සිඳ ඝාතනය කර ඇතැයි සැකකරන එකම පවුලේ තිදෙනෙකුගේ මළ සිරුරු මිගමු රෝහලට ?

0
121

srilankanමැද පෙරදිග සේවය කරමින් සිටියදී , ගෙල සිඳ මරා දැමූ මළ සිරුරු තුනක් ගුවන් මගින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් ඇති බව ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ ප්‍රකාශකයෙක් පැවසු බව ලංකාදිප වෙබ් අඩවිය සදහන් කර තිබේ..
මෙම ප්‍රවෘත්ති සම්බන්ධයෙන් ලංකාදීපයට කතා කළ සෞදි අරාබියේ වැඩබලන ශ්‍රී ලංකා තානාපති මධූක වික්‍රමාරච්චි මහතා තිදෙනකුගේ ගෙළ කපා මරා දමා ඇති බව ප්‍රතික්ෂේප කර සිටි බවද වැඩිදුරටත් ඒ පුවතේ සදහන්ය.
කෙසේ වෙතත්  ගුවන්තොටුපල ආරංචි මාර්ග දක්වා සිටින්නේ ගෙන එන්න යෙදි ඇති මළ සිරුරු අතර ගෙල සිඳ මරා දැමුණු තිදෙනෙකුගේ මළ සිරුරුද වු බවය..
මෙසේ ගෙල කපා මිය ගිය තිදෙනා කැළණිය , බියගම පාරේ , පංසල අසළ  ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකි. එමෙන්ම ඔවුන් එකම පවුලේ සාමාජිකයන් තිදෙනකු  බවට තොරතුරු ද වාර්තා වේ .  මෙම තිදෙනා දරුණු අයුරින් කපා කොටා , පසුව  ගෙළ සිද මරා දමා ඇති බව මෙම මළ සිරුරු සමග තිබූ ලිපි ලේඛන වලින් අනාවරණය වන බවද ගුවන්  තොටුපල ආරංචි මාර්ග දක්වා සිටි.

මෙසේ මරා දමා ඇති පවුලේ පියාගේ වයස අවුරුදු 59 කි. මවගේ වයස අවුරුදු 55 ක් වන අතර ඔවුන්ගේ දුවගේ වයස අවුරුදු 34 කි . මේ පිළිබදව මිගමුව රෝහල් ආරංචි මාර්ග දක්වා සිටින්නේ මේ මළ සිරුරු 3 න මිගමුව මෘත ශරිරාගාරය වෙත එවිමට ගුවන්තොටුපල බලධාරින් කටයුතු කරමින් සිටින බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here