මැරඩෝනාගේ හදිසි අභාවයෙන් පසුව ආර්ජන්ටිනාව දින 3 ක ශෝක කාලයක් ප්‍රකාශයට පත්කරයි !

0
67

_115642055_maradonagetty2ලොව සුපිරි පාපන්දු ක්‍රිඩකයෙකු වන දියාගෝ මැරඩෝනා බුවනොස් අයිරෙස්හි පිහිටි සිය නිවස තුලදිම අද මිය ගොස් තිබුනේ හෘදයාබාධ තත්වයක් හේතුවෙන් යැයි මාධ්‍ය විසින් පළකර තිබුණි.
මිය යන විට ඔහු 60 වන වියේ පසුවිය
ආර්ජන්ටිනාවට අහිමිවු මේ සුපිරි පාපන්දු තරුව වෙනුවෙන් දින තුනක ශෝක කාලයක් ප්‍රකාශයට පත්කරමින්  ආර්ජන්ටිනාවේ ජනාධිපති ඇල්බර්ටෝ ෆර්නැන්ඩස් පවසා තිබුනේ  “ඔබ අපව ලෝකයේ මුදුනට ගෙන ගියා. ඔබ අපව ඉමහත් සතුටට පත් කළා. අපත් සමගික් සිටිම ගැන ට ස්තූතියි ඩියාගෝ. කියාය .
ඔහු ලෝක කුසලාන 4 ක් නියෝජනය කරමින් ආර්ජන්ටිනාව වෙනුවෙන් තරග 91 කදී ගෝල 34 ක් රැස් කර තිබුන අතර 1986 දි ආර්ජන්ටිනා පාපන්දු කණ්ඩායමේ නායකයා ලෙසින් ඒ වසරේ ලෝක පාපන්දු කිරුළ සිය රටට දායද කොට තිබුණි

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here