මැරයන් ඉඹලා පිළිගැනිමේ මීගමු සම්ප්‍රදාය ?

0
66

මීගමුව හිටපු නියෝජ්‍ය නගරාධිපති දායන් ලංසා අද මීගමුවේ සිටින අංක එකේ මැරයෙකු යැයි කියන්නට තවත් සාධක ඇවැසි නැත.
යහපාලන රජය යටතේ මාධ්‍යවේදියෙකුට මහදවාලේ එල්ල කරන්නට යෙදුන මරාන්තික ප්‍රහාරය සැලැසුම් කරන ලද පුද්ගලයා ලෙසින් ලොකයේ යුක්තිය සාධාරණයත්වය වෙනුවෙන්  කටයුතු කරන සියළු දෙනා දැන්  දනී.
එහෙත් එය නොදන්නා ස්වල්ප පිරිසක් මීගමුවේ වෙති.
එනම් කතෝලික පල්ලියේ ඇතැම් පියතුමන්ලාය.
පල්ලියට ඉස්කෝලෙට කාසි පනම් ලැබෙන්නේ නම් ඔවුන් ඕනෑම මැරයෙකු ඉඹලා පිළිගන්නට සුදානම්ය.
මත්කුඩු ගැන පමණක් නොව ගංජා කොළඹට බෙදාහැරිම ගැන චෝදනා එල්ල වුවන් වුව කම් නැත.
පාසැලට පල්ලියට සල්ලි ලැබේ නම්,
කාන්තාවන්ට ඇසිඩ් ගැසුවුවන් වුව කම් නැත ලක්ෂ ගණනින් පරිත්‍යාග ලැබේ නම්,
මුළු මීගමුවේම රාජ්‍ය සම්පත් තම හෙංචයින්ට හිතුමතේ භුක්ති විදින්නට ඉඩ දි  බදුගෙවන ජනයාට පස්ස හැර වුවද කම්නැත පාසැලට බෝල ලැබේ නම්.
පැසල් දරුවන් ඉලක්ක කොට මසාජ් ක්ලිනික් සහ කාමර කුලියට දෙන තැන් අටවන්නෝ වුවද කම් නැත පල්ලියට ඉස්කෝලෙට ගාණ කැපේ නම් ,
එහෙත් පාප්තුමන් කියා ඇත්තේ මීට හාත්පසින්ම වෙනස් කථාවකි.
එතුමන්ට අනුව කලු සල්ලි කිසිසෙත්ම කතෝලික පල්ලිය විසින් නොගත යුතුය.
එහෙත් මීගමුවේ සිදුවන්නේ ඊට හාත්පසින්ම වෙනස් එකකි.
මීගමුමේ ඇතැම් කතෝලික පියතුමන්ලාගේ බංකොලොත් කම කියන්නට තවත් නම් කතන්දර අවැසිද ?
පාසැලේ අධ්‍යාපනයට හෙන ගැහුණද කම් නැත කාව හෝ හාවා කොට තමන්ගේ නම ගොඩදාගන්න පුලුවන් නම් යැයි මේ පියතුමන්ලා කල්පනා කරති.
මේ ගැන කිසිවක් නොදන්නා මීගමුව සා.මරියා විදුහලේ විදුහල්පති පියතුමාව දැනුවත් කිරිමට වතිකානුව කඩිනමින් පියවර ගන්නේ නම් මැනවි.
මීගමුවේ කතෝලික පල්ලියේ ස්වර්ණමය යුගය තිබුනේ අසුව දශකයේ අග සහ අනුව දශකයේ මුලභාගයේදි පමණය.
සරත් ඉල්ලමල්ගොඩ,ආටි අමරතුංග.අයිවන් ,ජෝර්ජ් බර්නාඩ්,ශාන්ති කුමාර් ,ශ්‍රිලාල් අමරතුංග අබා කොස්තා,යන පියතුමන්ලා ඒ යුගයේ මීගමුව ට යුක්තියේ සහ සාධාරණත්වයේ සලකුණ ගෙනආවෝය.
නිල් මැණික් යට ගොස් දැන් ගොමරිටි මතුවෙන්නට පටන් ගෙන තිබේ.

කේ.බර්නාර්ඩ් පෙරේරා
මහවීදිය.