මැරිච්ච ලෙඩ කුකුළන්ගේ මස් දාපු ”රයිස්” ඔයත් කලා තියෙනවද ?

0
76

phiවෙන්නප්පුව ප්‍රදේශයේ සමහර ආපනශාලාවලට සත්ව ගොවි පළවල් වල විවිධ ලෙඩ රෝගවලින් මියයන කුකුළන් මස් කර අඩු මිලට අලෙවි කරන ජාවාරමක් සම්බන්ධයෙන් තොරතුරු ලැබි තිබෙන බව වෙන්නප්පුව මහජන සෞඛ්‍ය පරික්ෂක අමිල ජයසේකර මහතා පැවසීය .
ඩෙංගු වසංගතය හා සෞඛ්‍ය සම්පන්න ආහාර පුරුදු සම්බන්ධයෙන් වෙන්නප්පුව සාන්ත ජෝශප් වාස් ප්‍රාථමික විදුහලේ සිසුන් දැනුවත් කිරිමේ වැඩ සටහනකට එක් වෙමින් ඒ මහතා එලෙස ප්‍රකාශ කලේය. දිනෙන් දින වර්ධනය වෙමින් තිබෙන විවිධාකාරයේ ආපන ශාලා සඳහා රුපියල් 450 ට අලෙවි වන කුකුල් මස් කිලෝවක් හේතුවක් සොයාගත නොහැකිව සත්ව ගොවිලපලවල මියයන කුකුලන් වල නොදමා එම සතුන් මස් කර රුපියල් 180 ක් වැනි මිලකට අලෙවි කරන බවට තොරතුරු ලැබි ඇති බවත් ඒ සම්බන්ධයෙන් පරික්ෂණ සිදු කරමින් සිටින බව අමිල මහතා වැඩි දුරටත් පැවසීය.
මේ නිසා එම ආහාර භාවිතයට ගන්නා දරුවන් හඳුනාගත නොහැකි ලෙඩ රෝගවලට බිලිවිය හැකි බැවින් කෙටි කෑම හා මෙවන් තෙල් සහිත හා විවිධ විෂ සහිත රසකාරක යොදා සකස් කරන රයිස් වර්ග ආහාරයට ගැනිමේදි සැලකිලිමත් වන ලෙස දරුවන්ගෙන් ඉල්ලා සිටියේය . මෙම ජාවාරම ඉතා භායනක එකක් බවත් ලැබෙමින් තිබෙන තොරතුරු අනුව පරික්ෂණ සිදු කරමින් පවතින බවත් එලෙස කටයුතු කරන ජාවාරම් කරුවන් තහවුරු වුවහොත් ඔවුන්ව නීතිය ඉදිරියට ගෙන ඒමට කටයුතු කරන බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා වැඩි දුරටත් කීය
චන්දන ප්‍රනාන්දු – වෙන්නප්පුව
PHI wenna