මැලේසියන් ගුවන් යානයක් තුල මංකොල්ලකාරයෙක් ?

0
78

mh370-1024x682පැරිසියේ උමන් දුම්රිය ලෝකයේ වැඩියෙන්ම පික්පොකට් කාරියන් ඉන්නා තැන විය හැක.
මේ නිසාම විශේෂ ආරක්ෂිත වැඩසටහන් ගණනාවක් මේ වෙනුවෙන් ක්‍රියාත්මකය.
දුම්රිය නැවතුම් පලවල් වල සිට මෙසේ දුම්රියට ගොඩවන කොල්ලකාරියන් පිළිබදව ආරක්ෂිත කැමරා ඔස්සේ ඉතා සියුම් ලෙසින් නිරික්ෂණය කරන එහි දුම්රිය ආරක්ෂක අංශය මේ අය ගොඩවනවාත් සමගින් එහි මගින් වෙත දැනුම් දිමට ඔවුන් කටයුතු කරනවා පමණක් නොව මේ කොල්ලකාරියන් ලුහුබදින රහස් පොලිස් නිළධාරින් එසැනින්ම මේ දුම්රිය පෙට්ටි තුලට ගොඩවැදි මේ අයව රහසින් නිරික්ෂණය කරති.
එමෙන්ම පසුව ඔවුන්ව ලුහුබැද යති.
මේ දුම්රිය කොල්ලකාරියන් පිළිබද තත්වයයි.
එහෙත් ගුවන් යානයක් තුල වෙනත් මගියෙකුගේ බෑගයකට අතදමා එහි ඇති වටිනා දැ කොල්ලකෑම් ගැන ඔබ විටක අසා නැතුවා වන්නට පුළුවන.
එවන් අත්දැකිමක් ගැන මේ සටහන තැබෙන්නේ ගුවන් මගීන් හටද මේ පුවත ප්‍රයෝජනවත් වන බැවිනි.
මාර්තු මාසයේ දිනක මැලේසියානු යානයකින් ක්වාලාලම්පුර් බලා ගිය ලාංකික මගියෙකි.ඔහු සිට ඇත්තේ කවුළුව අසල ආසනයකය.ඒ පේලියේ අසුන් 3 ක් විය.
එහි මැද අසුන හිස් වුවද අනෙක් අසුනේ මගියෙක් විය.ඔහු සුදු ජාතිකයෙකු නොවු අතර එක්කෝ මැලේසියානු අයෙක් විය හැකියැයි සිතිය හැක.
මැදියම් රැයේ යානය ගුවන්ගතවිමෙන් පසු කවුළුව අසල වු මගියා වෙහෙසකරව සිටි බැවින් ඉක්මනින් නින්දට වැටී ඇත.
මුදල් ද සහිත ඔහුගේ ලැප්ටොප් බෑගය වුයේ කෙලවර අසුනේ සිටි මගියාගේ හිසට උඩින් වු රාක්කය තුලය.
ගුවන් ගමන නිමවා මගීන් යානයෙන් බසින අවස්ථාවේ ද කෙලවර සිටි මගියා කඩිනමින් බැස නොගිය හෙයින්  කවුළුව අසල උන් ගුවන් මගියාට සිය අසුනෙන් නැගිටින්නට ගන්නටද නොහැකිව ඇත
පසුව ඔහු නැගිට රාක්කයේ වු බෑගයද රැගෙන බැස ගොස් එහි වු මුදල් පරික්ෂා කිරිමේදි දැනගන්නට හැකිවුයේ අදහා ගත නොහැකි දෙයකි.
එහි වු මුදලින් ඇමරිකානු ඩොලර් 1000 කට ආසන්න මුදලක් අතුරුදහන්ව තිබුණි.
වහා ක්‍රියාත්මක වු ඔහු ගුවන්තොටේ ආරක්ෂක අංශ වෙත මෙය දන්වා සිටියේ තමන්ගේ අසුනට එහා සිටි මගියාගේ ආසන අංකයද දැනුම් දෙමිනි.
එහෙත් ගුවන් තොටේ ආරක්ෂක අංශය දන්වා තිබුනේ ගුවන් යානය තුල නැතිවු දේවල් පිළිබද ප්‍රශ්ණය ඔවුන්ට අදාල නොවන බවය.
මැලේසියානු ගුවන් සේවයේ නිළධාරින්ටද මේ ගැන දන්වා සිටියද පලක් වුයේ නැත.
දැන් ගුවන් ගමන්ද සෙල්ලම් නැත.කොල්ලකරුවන් එහිද සිටිය හැක.