මේ දින කිපය පුරාම මිගමුව මංකුලිය ලෙල්ලමට පිට පළාත්වලින් ලැබෙන මාළු තොග හිඟවිම නිසා මාළු වල මිළද ඉහල ගොස් තිබේ.
මේ පසුබිම තුල සාලයා මිළ පවා ඉහල ගොස් ඇතැයි වෙළඳපල ආරාංචි මාර්ග දක්වා සිටි.සාලයා කිලෝවක් අද අලෙවි වි තිබුනේ රු 350ත් 400ත් අතර මිළකටය.
පොදුවේ අද වැඩිපුරම ලෙල්ලම තුල දක්නට ලැබුනේ ලින්නා මසුන් වන අතර කිලොවක් රු 500කට වඩා ඉහල මිලක් තීරණය වි ඇත.