දැන් දින කිහිපයක්ම තිස්සේ මිගමුවට වෙනදා මෙන් පිටපළාත් වලින් මාළු තොග පැමිණ තිබුනේ නැත.
මිගමුවේ බෝට්ටු වලට පවා එතරම් මාලු අස්වැන්නක් නොලැබිම නිසා මේ දිනවල ලෙල්ලම් පාලුවට යමින් තිබේ.
මිගමුව දූව පිටිපන ලෙල්ලමේ ව්‍යාපාරිකයන් කියා සිටින්නේ අද හොදටම මාලු අඩුබවය මිළද ඉතා ඉහල අගයක පවතින බවය.
අද දිනයේද සාලයා කිලෝවක් රු 500ක් තරම් ඉහල ගොස් තිබුණි.ලින්නා රු 1000කි.බලයා රු 1000කි.
වෙනත් වර්ග මාළු පවා අද දක්නට ලැබුනේ ඉතා අඩුවෙනි.