සජබ ප්‍රාදේශීය දේශපාලන රැස්විම් වලට සජිත් ප්‍රේමදාසගේ පවුලේ අය මේ දිනවල සම්බන්ධවිම ගැන විවිධ මතිමතාන්තර සමාජය තුල දිගහැරෙන්නට පටන් ගෙනය.
දැන් බොහෝ ප්‍රදේශිය රැස්ව්ම් පැවැත්වෙන්නේ සජිත් ප්‍රෙමදාසගේ පවුලේ අයගේ ප්‍රධානත්වයෙනි.
නිදසුනක් ලෙසින් සජිගේ බිරිඳ වන ජලනි මිගමුවට එද්දි,සජිත්ගේ නැගණිය වන දුලාංජලිගේ ප්‍රධානත්වයෙන් නාන්තන්ඩිය ප්‍රදේශයේදි රැස්විමක් මේ සතිය තුල පැවැත්විණි .


මේ සම්බන්ධයෙන් ප්‍රශ්ණ කරමින් ඇතමුන් අසා තිබුනේ දුලාංජලි සහ ජලනි සජබ තුල දරන තනතුරු මොනවාදැයි කියාය.

මේ අනුව පෙනි යන්නේ සමාජය තුල පවුල්වාදයට එරෙහිව ප්‍රබල සමාජ මතයක් ගොඩනැගෙමින් ඇති පසුබිමක පවා සජබ දේශපාලනය පවුල්වාදයකට යටව ඇත බවද?