මිගමුවට හැමු සුළු කුණාටුවේ වැඩිම අලාභය නගරාධිපතිට සහ නගර සභාවට ! දෛවයේ සරදමක්ද ?

0
62

Dayan-and-Farees-2පසුගිය 24 වෙනිදා සවස් වරුවේ විනාඩි 5 ක කාලයකට වුව හැමු දැඩි සුළඟ නිසා  වාර්තා වන අන්දමට වැඩිම අලාභයක් සිදුව ඇත්තේ මිගමුව මහනගර සභාවට සහ නගරාධිපතිවරයානේ අභිනවයෙන්  හැදු අති සුඛෝපහෝගි නිවසට යැයි පුළුල් කථා බහක් පසුගිය දින කිපය පුරාම මතුව තිබුණි.
නගරාධිපතිවරයා ලෙසින් සමරන පළමු නත්තලටත් නව නිවහනේ පළමු නත්තල් සැමරුමටත් පැය 6 ක් පමණ  තිබියදි ඇතිව තිබුණ මේ සුළි සුළඟ නිසා  මේ සැමරුම් සියල්ල නගරාධිපති දයාන් ලංසාට එක්කර තිබුනේ අමිහිරි මතකයකි.
නගර සභාවට සිදුව තිබුනු අලාභයන්ද සුළුපට නැත..
දෛවයේ සරදමක් බදු මේ කුණාටු මිගමුවේ නගර සභා ඉතිහාසයට දැරිය නොහැකි අන්දමේ අමිහිරි මතකයන් රැසක් එක්කර දි හමාරය.
නගරාධිපති දයාන් ලංසාගේ මාස කිපයක පාලනය දැනටමත් පැති කිපයකින් බරපතල ලෙස විවේචනයට ලක්වෙන්නට පටන් ගෙනය. මුල්‍ය පාලන සම්බන්ධයෙන් මතුව ඇති ගැටළු නිසා විගණන විමසුම් වලට දැන් මුහුණ දිමට සිදුව තිබේ.
එපමණක් නොව එජාප මන්ත්‍රිවරුන්ට ප්‍රතිපාදන නිකුත් කිරිමේදි දේශපාලනිකව ප්‍රාණ ඇපකරුවන් කරගැනිමට වෙරදරන පාලන පරිසරයක් තුලදි සිදුව ඇති මේ ව්‍යවසනකාරි තත්වය හතුරෙකුටවත් සිදුනොවිය යුතු තරමේ එකක් යැයි නම සදහන් කිරිමට අකමැති ජේෂ්ඨ එජාප ක්‍රියාකාරිකයෙකු මිපුර අමතා කියා සිටියේය.