
මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා තවත් ඇත්තේ හරියටම සතියකටත් අඩු කාලයකි.
.මේ සතිය යනු මිගමු තුල කළු සල්ලි වලින් වැජඹෙන දේශපාලකයන් විසින් හිතුමතේ සල්ලි පොම්ම කරනු ලබන සතියයි.
ගම්පහ දිස්ත්‍රික්කයේ වේගයෙන්ම සංවර්ධනය කරා ගෙන යා හැකි ප්‍රධාන නගරය මිගමුව වුවත් එය තිබුනේ හොර මුලක් අතේය.
එය ගලවා ගැනිම සදහා පැහැදිලි දේශපාලන නායකත්වයක් මිගමුවට අවැසිව තිබේ.
මේ කළු සල්ලි පවුලෙන් මිගමුව මුදවා ගැනිමට සැලසුම් ගත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව පෙනේ.
මේ අතර මිගමුවට බුද්ධිමත් ශක්තිමත් තරුණ දේශපාලන නායකත්වයක අවශ්‍යතාවයද අද වෙනදාටත් වඩා ප්‍රබලව මතුව එමින් තිබේ.
මෙවර මිගමුව තරඟ වදින දොස්තරලා දෙදෙනෙකි.
එක් අයෙකු බේත් දෙන දොස්තර කෙනෙකි.
අනෙක් කෙනාගේ නම ඉදිරියෙන් දොස්තර කෑල්ලක් තිබුණද ලෙඩ්ඩුන්ට බේත් නොදෙන දොස්තර කෙනෙකි. හැබැයි ඔහු රටේ වෙදෙකි.මේ නිසාම හිටපු නාගරික මන්ත්‍රීවරුන්ද ඔහු අතැහැර ගොසින්ය.
මිගමුව දේශපාලන ඉතිහාසය තුල වාම ප්‍රවේශක් ශක්තිමත් ලෙසින් ගොඩනගන්නට මුල්වු දොස්තර කෙනෙකුද විය.
ඔහු දොස්තර හෙක්ටර් ප්‍රනාන්දුය.
මිගමුවට දැන් යළිත් වාම ප්‍රවේශයක් කැදවාගෙන එන දොස්තර කෙනෙකු ලැබි තිබේ.
ඔහු නමින් හෙන්රි රොසයිරෝය.
ලංසා පවුල හා කරට කර අභියෝගාත්මක දේශපාලනයක නියැලුන අයෙකුද වෙයි.
සජිත් පිළෙන් බේත් නොදෙන දොස්තර කෙනෙකු මෙවර මැතිවරණයට ඉල්ලද්දි ජාතික ජනබලවේගය ඇත්ත දොස්තර කෙනෙකු මිගමු දේශපාලනයට ඉදිරිපත් කොට තිබේ.
රටේ වෙදෙකු වු සජිත් පිළේ බේත් නොදෙන දොස්තර යනු ලංසා පවුලේද හිතවතෙකි.මේ නිසාම ලංසලාට එරෙහිව මීක් කියන්නේද නැත.
.
ඉතින් මිගමුවේ බුද්ධිමත් ජනයා තෝරාගත යුුතු හොද දොස්තර කව්දැයි දැන් කථා දෙකක් නැත.