මිගමුවෙන් තුම්මෝදර අවතැන්වූවන් සඳහා සෞඛ්‍ය වෛද්‍ය කඳවුරක්

0
85

ගංවතුරෙන් තුම්මෝදර ප්‍රදේශයේ අවතැන්වූවන් සදහා සෞඛ්‍ය වෛද්‍ය කඳවුරක්  පසුගිය දිනවල ඇදහැලුණ ධාරාණිපාත වර්ෂාවත් සමග  රටේ සෙසු ප්‍රදෙස් මෙන්ම නාත්තන්ඩිය ආසනයේ කොට්රාමුල්ල සහ තුම්මෝදර ගම් ද යටවිය. එම ගම්මාන වල ගංවතුරෙන්  විපතට පත් පිරිස් වෙනුවෙන් ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වූ මීගමුවේ  වෛද්‍යවරියන් වන්නේ මීගමුවේ රිම්සිනා සහ රිස්මිහා සහ මෙහෙයුම් සහයක ලෙස ඉල්හාන් කාසිම් යන කණ්ඩායමයි.
28-05-2018 වන දින මෙම වෛද්‍ය කදවුරු දෙක පැවැත්විණි. කොට්රාමුල්ල සහ තුම්මෝදර යන ප්‍රදෙස් වල දෙසීයකට ආසන්න  රෝගී ජනතාවකට  මෙම  කදවුරු ප්‍රයෝජනවත් විය.
ප්‍රථාමාධාර මෙන්ම වැඩිදුර වෛධය පරීක්ෂාවන් සදහා උපදෙස් ලබාදෙන ලදී.
මෙම වෛද්‍ය කඳවුරු සදහා සියලු ඛෙහෙත්, සහ අමුද්‍රව්‍ය නොමිළේ සපයන ලද්දේ මීගමුව පෙරියමුල්ල රෝයල් ෆාමසිය මගිනි.


සටහන සහ ඡායා – එම්.එස්.එස් මුනිර්11