මිගමුවෙන් බිහිවු අග්‍රගන්‍ය සිනමාකරුවෙකු වු ඇන්ටන් ග්‍රෙගරි මිය යයි !

0
758
කලා ලොවට මිගමුව දායද කළ අග්‍රගන්‍ය ශිල්පින් රැසකි. විශේෂයෙන්ම සිනමා කර්මාන්තය තුල සිය නිසඟ දක්ෂතාවය නිසා කැපි පෙනුන අය බොහොමයකි.
එහෙත් අවාසනාව නම් මේ අය දැන් කෙමෙන් කෙමෙන් අපගෙ සමජයෙන් ගිලිහි යමින් තිබේ.
ඇන්ටන් ග්‍රෙගරි යනු මේ අය අතර ඉදිරියෙන්ම සිටි දක්ෂ සිනමාකරුවෙකි.
දැන් ඔහුද අපට අහිමිය ගොසිනි.
2015 වසරේදි අප ඔහු සමගින් කළ සාකච්ජාවක් අසුරින් කළ  ලිපියක් පහතින් පළකරන්නෙමු
හෙළ සිනමාවේ තිරය පිටුපස සහය අධ්‍යක්ෂකවරයෙකු ලෙස සිනමාවට ප්‍රවිෂ්ඨ වී විත්‍රපට 46 කට දායකවෙමින් වාර්තාවක් තැබූ ඇන්ටන් ග්‍රෙගරි මහතා මේ වන විට තම සැදෑ සමය ගෙවමින් සිටි.

    1964 ජුනි මස 04 දින සිනමාවට ප්‍රවිෂ්ඨ වූ ඇන්ටන් ග්‍රෙගරි මහතා අඩසියවසකට ආසන්න කාලයක් සිනමාවේ රැදී සිටියේය.

භාෂා තුනෙන්ම  කතා කිරීමටමෙන්ම  ලිවීමට ඇති හැකියාව නිසා ඔහු තම ක්ෂේත්‍රයේ ඉහලින් ඉහලටම ගියේය.

චිත්‍රපටි ක්ෂේත්‍රයේ අද ජිවතුන් අතර නොසිටින හා ජිවත්ව සිටින  ප්‍රවීණයන් බොහෝමයක් සමඟ කටයුතු කළ මොහු ඉතාමත් නිහතමානී චරිතයකි.

තම පළමු ගුරුවරයා වූ එම්.මස්තාන් මහතා හට ඇති ගෞරවය ඔහු අදත් සිහිපත් කරන්නේ භක්තියෙනි.

තම සිනමා දිවියේ දී සහය අධ්‍යක්ෂණයෙන්  චිත්‍රපටි 46 කට හා  සම අධ්‍යක්ෂණයෙන්   චිත්‍රපට 02කට ඔහු දායකවී තිබේ. එමෙන්ම  දෙවන කාණ්ඩ අධ්‍යක්ෂණය කළ චිත්‍රපට 01 හා කාර්මීක අධ්‍යක්ෂණය කළ චිත්‍රපට ද්වීත්වයකත් සංස්කරණය කළ චිත්‍රපට 03ක් හා තිර රචනයෙන් චිත්‍රපට 11කට ද අධ්‍යක්ෂණයෙන්   චිත්‍රපට 05 කට දායක වී ඇත.

මීට දශක කිහිපයකට පෙර ඉන්දියාවේ ප්‍රසිද්ධ චිත්‍රපටියක් වූ පයිලට් චිත්‍රපටියටද දායක වීමට ග්‍රේගරි මහතාට අවස්ථාව හිමිවිය.

 හෙලයේ මහා ගීත කෝකිලාව වූ රුක්මනී දේවී මහත්මිය සමගට සමීපව කටයුතු කළ මහතා ඇයගේ හදිසි වියෝවට ප්‍රථම දිනයේදීද මතකයක් ඉතිරි කළේ ඇය ගායනා කිරීමට තිබූ ගීතය රචනය කරගත්තේද ග්‍රේගරි මහතාට කියාය. ඇනටන් ග්‍රෙගරි මහතා අවසානයට සහය අධ්‍යක්ෂණය කලේ නීල් රූපසිංහ අධ්‍යක්ෂණය කළ  ‘හතර දෙනාම සූරයෝ ‘ චිත්‍රපටියයි.   ඇනටන් ග්‍රෙගරි මහතා මේ වන විට තම බිරිද හා දරුවන් මුනුබුරු මිනිබිරියන් සමග තම සැදෑ සමයගතකරමින් නො. 3/3 ආවේ මරියා  පාර  මීගමුව යන ලිපිනය දරන තම නිවසේ සිටියි.
ඒ මහතා සමග අප කළ කතාබහක් පහතින් දැක්වේ.

antong 1anton g2anton g3anton g4anton g8antong 9anton g 5.
ඩිල්ෂාන් තිසේරා
10979415_863949186961007_1891462900_n

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here