මිගමුවේ හිටපු බන්ධනාගාර අධිකාරි අනුරුද්ධ සම්පායෝගේ වැඩ තහනම් කෙරේ. !

0
106

NGB prisonමීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝගේ වැඩ තහනමකට ලක්ව තිබේ.
අධිකරණ, නීති ප්‍රතිසංස්කරණ සහ මානව හිමිකම් අමාත්‍යාංශයේ ජේෂ්ඨ නිලධාරියෙකු කියා සිටියේ අදාළ නිලධාරියාට එරෙහිව එල්ල වූ චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයකට අනුව ඔහුගේ වැඩ තහනම් කළ බවය.

බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන් ඉකුත්දා සිදු කළ සෝදිසි මෙහෙයුමකදී මීගමුව බන්ධනාගාරයේ 7, 8 යන සිර මැදිරිවල තිබී ශීතකරණ, විදුලි උදුන්, විදුලි පංකා ඇතුළු තහනම් භාණ්ඩ රැසක් සොයාගනු ලැබුවා. ඉන් පසුව චෝදනා එල්ල වී සිටින බන්ධනාගාර අධිකාරී අනුරුද්ධ සම්පායෝ කළුතර බන්ධනාගාරයේ දෙවන නිලධාරියා ලෙස මාරු කර යැවීමට බලධාරීන් තීරණය කර තිබුණි.

කළුතර බන්ධනාගාරය වෙත මාරු කර යැවූ චෝදනාවට ලක්වී සිටින නිලධාරියා එම බන්ධනාගාරයේ රාජකාරී සඳහා වාර්තා නොකළ බව අධිකරණ, නීති ප්‍රතිසංස්කරණ සහ මානව හිමිකම් අමාත්‍යාංශයේ ජේෂ්ඨ නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.
හිටපු බන්ධනාගාර අධිකාරිවරයාගේ සමයේ එහි සිටි ජේලර්වරුන් මෙන්ම ප්‍රධාන ජේලර්වරියද වංචා දුෂණ රැසකට මෙන්ම විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම් වලටද සම්බන්ධ සිට බව මාධ්‍ය විසින් විස්තරාත්මකව හෙළිකර තිබුණි.