මිගමුවේ ඉඩම් නැති මිනිස්සු ගැන ඇත්ත කැක්කුමකින් වැඩකරපු නගරාධිපති කව්ද ?

0
377

urban poor event 1Urban Poor event 3(7.30 am )මීගමුවේ ඉඩම් නැති ජනයාගේ ප්‍රශ්ණය මේ වන විට දැවැන්ත අර්බුදයක් ලෙසින් මතුව එමින් තිබේ.මේ නිසා ඒ අයට අද අසන්නට සිදුව ඇත්තේ රෑට බතට අපි කොතනද ලගින්නේ යැයි කියාය.
මේ සංවේදි ප්‍රශ්ණය තේමාවක් කොට ගත් ජනතා හමුවක් පසුගියදා මිගමුවේදි පැවැත්විණි. දහසකට අධික පිරිසක් සහභාගිව සිටි මේ හමුව සංවිධානය කොට තිබුනේ ලංකාවේ මිගමුව ජනතා ඒකාබද්ධ සංවිධානය සහ ජනාවබෝධ කේන්ද්‍රය විසිනි.susil Siriwardana 1
මෙම හමුවේ ප්‍රධාන දෙසුම පවත්වන්නට යෙදුනේද මේ රටේ අතිශය වැදගත් එමෙන්ම නිහතමානි බුද්ධිමතෙකු වු නිවාස සංවර්ධන අධිකාරියේ හිටපු ජේෂ්ඨ උපදේශකයෙකු වු ආචාරය සුසිල් සිරිවර්ධන මහතා විසිනි.
ඔහු සිය දේශනයේදි මිගමුවේ නගරසභා ඉතිහාසයේ සිටි ඉඩම් අහිමි ජනයාගේ ප්‍රශ්ණය වෙනුවෙන් ඇත්ත උවමනාවකින් ප්‍රදේශයේ ගරු පියතුමන්ලා හා එක්ව කඩොල් කැලෙන් ඉඩම් ලබාදිමට කටයුතු කරන ලද නගරාධිපතිවරයා වු සරත්චන්ද්‍ර ගුණරත්න මහතා පිළිබදව විශේෂ සදහනක් සිය දේශනයේදි කර තිබුණි.
මිගමුව නගර සභාව ඉතිහාසයේ පාදඩකරණය ඇරඹෙන්නේ නගරාධිපතිවරයාගේ ධුර කාලයෙන් අනතුරුවය.
එහි පෙරමුණ ආනන්ද මුණසිංහ විසින් ගනු ලැබු අතර නිමල් ලංසා යටතේ එය පිමි පණිමින් දැවැන්ත පාදඩකරණයකට මිගමුව ගෙන ගියේය.
අද එය තවත් උච්චස්ථානයකට පත්ව තිබේ.
රෑට බතට අපි කොතනද ලගින්නේ යැයි මිගමුවේ ඉඩම් අහිමි ජනයාට අසන්නට සිදුව ඇත්තෙ එවන් යථාර්ථයක් මිගමුවේ පවතින මොහොතකය.
එය සෑබෑ අභියෝගයකි.
ජගත් ජනාවාස දිනය නිමිති කොට ගෙන මේ ඉඩම් අහිමි ජනතා හමුව මිගමුවේදි පැවැත්විණි.urban poor event 2