මිගමුවේ ඉහල පරිපාලන නිළධාරිණියකට හොර ගේට් පාස් චෝදනාවක් ?

0
96

MC NGBමීගමුව යනු සුපිරි වංචනිකයන් රාජ්‍ය සේවය තුලින්ම බිහිවෙමින් ඇති ලංකාවේ ප්‍රධාන නගරයකි. කප්පරක් හොරකම් වලට ප්‍රසිද්ධ දේශපාලකයන් සිටින මිගමුවේ ඒ අයට ආවතේව කම් කිරිම නිසාම හොරකමට පුරුදු වු නිළධාරින් පමණක් නොව දැන් නිළධාරිණියන්ද සිටිති.
ඒ අයගේ තනතුරුවල දිග පළල විමසන කළ පුදුමවනු නියතය.
මේ එක් නිලධාරිණියක් ගැන අපුරු කථාවක් පසුගියදා වාර්ථා විය. ඇය සිය පුද්ගලික මෝටර් රථය භාවිතා කරන්නේ යැයි කියා එයට මාසික ලොකුමුදලක්ද ආදල ආයතනයෙන් ලබාගනි.
තතු එසේව තිබියදි ආයතනයේ නිල වාහනද ඇයගේ පවුලේ කටයුතු වලටද යොදා ගනි. ඒ වෙනුවෙන් වංචනික ලෙස ව්‍යාජ ගේට් පාස්ද දැමිමට කටයුතු කර ඇති බව සැලය.
පසුගිය 12 වෙනිදා පවුලේ අය කොළඹ යවා ඒ වෙනුවෙන් හොර ගේට් පාස් එක දැමිමටද පියවර ගෙන තිබේ.