මිගමුවේ එජාප නාගරික මන්ත්‍රිලා පක්ෂ කීපයකින් මෙවර පළාත් පාලන මැතිවරණයට ..

0
329

පසුගිය පළාත් පාලන මැතිවරණයේදි මිගමුවේ ඡන්ද කොට්ටාශ 28 න් 19 ක්ම ජයගනිමින් තේරි පත්වු එජාප නාගරික මන්ත්‍රිවරුන්ගෙන් ජනතාගේ පැත්තේ සැබැවින්ම හිටගත්තේ ඉතාමත් අතලොස්සකි. අනික් අය බහුතරයක් හිටගත්තේ මිගමුවේ ගෝට් ෆාදර්ගේ පවුලගේ පැත්තේය.මිගමු එජාප ආසන සංවිධාකයටද මෙම චෝදනාව බොහෝ දෙනෙකු විසින් එල්ල කර තිබුණි.

සංවිධායකයාම වාසි අතට හෝයියා කියද්දි අනික් අය ගැන කවර කථාද ? සැබැවින්ම එජාප නාගරිකක මන්ත්‍රිලා අතිබහුතරයක් දුෂිත ලංසා පවුලේ මැර නගරාධිපතිගේ ඔඩොක්කු බවට පත්විය.ජනතාව වෙනුවෙන් නොව තමන්ට ගතමනාව ලැබෙන පාරවල කොන්ත්‍රාත් ඇතුළු බොහෝ කොමිස් ගණුදෙනුවලට මේ අය සම්බන්ධ විය.

මිගමු එජාප සංවිධාකයාට මේ සම්බන්ධයෙන් බරපතල චෝදනා එල්ල වි තිබුනේ විවිධ උපක්‍රම  භාවිතා කරමින් වංගු ගැසු හැටි ගැනය.

ලංසා පවුල් පාලනයට එරෙහිව සැබැවින්ම හිටගත්තේ සුලු පිරිසකි.


දැන් මේ අය යළිත් ජනතාව හමුවට ඒමට සැදි පැහැදි සිටිති. ඒ බොහෝ දුරට පක්ෂ මාරු කරමින් විය හැක. මේ පිරිස අඩුම තරමින් පක්ෂ තුනකින් මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් විමට බොහෝ දුරට ඉඩ ඇත