මිගමුවේ කඩඅරින්න ප්‍රා.ලේකම්ට බලය දුන්නේ කව්ද ?

0
111
මීගමුව ප්‍රාදේශිය ලේකම්තුමි
මීගමුව ප්‍රාදේශිය ලේකම්තුමි

මිගමුවේ ග්‍රාම නිළධාරි කොට්ටාශයකට කඩ 2 ක බැගින් ඇරිමට අවසර දි ඇතැයි මිගමුව ප්‍රාදේශිය ලේකම්වරිය අප කළ විමසුමකට ඊයේ පිළිතුරු දෙමින් කියා සිටියාය
ඇය එහිදි කියා සිටියේ ගම්පහ දිසාපති කාර්යාලයේ ඒ අවසරය ලබා දි ඇති බවය.

එහෙත් ඊයේ රාත්‍රියේ සිට ක්‍රියාත්මක සංචරණ නිතිය යටතේ කිසිදු කඩයක් හෝ සුපිරි වෙළද සැලක් විවෘත කොට තැබිමට අවසර නැත.
ඒවාට ජංගම සේවා පමණක් ක්‍රියාත්මක කිරිමට ඉඩ තිබේ.
විවෘතව තැබිය හැක්කේ ඉන්ධන පිරවුම් හල් සහ ඖෂධ වෙළද සැල් පමණි.
තතු එසේව තිබියදි මිගමුවේදි ක්‍රියාත්මක මේ නිතිය කුමක්දැයි මේ වන විටත් බොහෝ දෙනෙකු ප්‍රශ්ණ කරමින් සිටිති