( 2.15 pm ) මීගමුව රෝහල ඉතා කෙටි කලක් තුල කොරෝනා වෛරස් තත්වයට මුහුණ දිම සදහා විධිමත් සැලැස්මක් තුල කටයුතු කරගෙන යමින් තිබුණි. ඒ හිටපු අධ්‍යක්ෂක තුමියගේ මගපෙන්විම යටතේය.
ඒ අනුව කොරෝනා සැක සහිත රෝගින් වෙනුවෙන් මේ වන විට විශේෂිත වාට්ටු 3 ක්ම ස්ථාපිතව තිබේ.
මෑතකදි මිගමුව රෝහලට පත්ව ආ නව රෝහල් අධ්‍යක්ෂකවරයා වන වෛද්‍ය නිහාල් වීරසුරියගේ මගපෙන්විම තුල රෝහලේ ඉදිරි කටයුතු තවදුරටත් විධිමත්ව පෙළගැසෙමින් ඇති බැව් පෙනේ.
එයට හදවත් ඇති මිනිසුන් සහ ගැහැණුන් වෙතින් ලැබෙන විවිධ ආධාර උපකාරද මහත් පිටුවහලකි..
විශේෂයෙන්ම දළුවකොටුව මිතුරු සමාජය (DALUWAKOTTUWA FRIENDS CLUB) විසින් පසුගියදා කොරෝනා දැඩි සත්කාර ඒකකය සදහා ඇදන් 6 ක් පරිත්‍යාග කර තිබුණි. දැඩිසත්කාර ඒකකය සදහා මේ කරන්නට යෙදුන පරිත්‍යාගය සැබැවින්ම සුවිශේෂිය.
මෙම පරිත්‍යාග භාර දිම රෝහලේ දෙව්මැදුරු පරිශ්‍රයේදි සිදුවිය.
ඡායා- එම්.ඉසෙඩ් සහජාන්
.