මිගමුවේ ඩෙංගු මරණ 8කට පසු බලධාරින්ගේ ඇස් ඇරෙයි !

0
118

19512508_1766619200034165_1274541640_nදැන් මිගමුව රෝහල රජයේ ලොකු ලොක්කන් සැමගේ අවධානයට බදුන්වෙමින් තිබේ.මැති අමැත්තෝද යති.එති. හැකි දේ කරති.එහෙත් අපට කියන්නට අැත්තේ ඔබ පමා වැඩි බවය.ජනාධිපතිවරයා ඇතුලු සියලු බලධාරින් වෙත මිගමුව පත්වෙමින් ඇති තත්වය ගැන මිට මාස කිපයකට ඉහතදි දු⁣ටු පිරිස් සියහැකි පමණින් එය මතු කර තිබුණි.

dav
මීගමුෙව් ඩෙංගු අර්බුදය ගැන මැයි 03 වනදා මීගමුව රෝහලේදි පැවැති සාකච්ජාවකි.

එහෙත් ලොක්කන්ට එය ඇසුනේ හෝ දැනුනේ නැත.ඒනිසාම වරක් බස්නාහිර පළාත් සේවා අධ්‍යක්ෂක මිගමුවට එන්නේ වෘත්තිය සමිති නායකයෙකුගේ ස්ථාන මාරුවක් ගැන මිගමුව රෝහල් පරිපාලනය සමග කතා කොට එකි ස්ථාන මාරුව අවලංගු කර ගැනිම සදහාය.මිගමුව රෝහල ඒ වන විටත් බරපතල අර්බුදයකට පත්ව තිබුණි .ඔහු පැමිණ ගොස් දින කිපයක් ඇතුලත ඩෙංගු රෝගින් දෙදෙනෙක් ම මිය ගොස් තිබුණේ ඒ බරපතලකමේ තරම මිගමුවටම දනවමිනි.එහෙත් එය රටේ බලවතුන්ට දැනුනේ නැත..එවන් බරපතල තත්වයක තිබුනද බස්නාහිර පලාත් සෞඛ්‍ය ප්‍රධානියාට ඒ ගැන වගක්වත් තිබුනේ නැත.එහෙත් දැන් තත්වය වෙනස්ය.මන්ද ජනපතිද හදිස්සියේම හෝ පැමිණ ගිය බැවිනි.ශ්‍රිලංකාව යනු බේදවාචක වලින් පසු පිලිතුරු සොයන ජාතියක් බව යලිත් වරක් මිගමුවේදිත් ඔප්පු කර තිබේ.