දැනට මිගමු තුල වැඩිම ඩෙංගු ව්‍යාප්තියක් ඇති මුන්නක්කරය සහ අවට පිරිසිදු කිරිම සඳහා මිගමුව ජේෂ්ඨ පොලිස් අධිකාරි අනුර බණ්ඩාර ගේ මුලිකත්වයෙන් , පොලිස් අධිකාරි එරික් පෙරේරා ඇතුලු පොලිස් නිලධාරින් සහ සෞඛ්‍ය ක්ෂේත්රයේ සහභාගිත්වයෙන් දැවැන්ත මෙහෙයුමක් අද ක්‍රියාත්මක විය.


















මේ වැඩපිලිවෙල යටතේ මුන්නක්කරය සහ මංකුලිය ඇතුළු ගම්මවල ඩෙංගු බෝවන තැන් පිරිසිදු කරමින් ජනතාව දැනුවත් කිරිමේ වැඩසටහනක් ක්‍රියාත්මක විය.මේ සදහා මිගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි රුවන් සහ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරික්ෂක ගුණරත්න ඇතුලු මහජන පරික්ෂකවරුන් මෙන්ම සෞඛ්‍ය සේවකයන්ද එක්ව සිටි අතර මිගමුව පොලිසිය මෙන්ම දුන්ගාල්පිටිය පොලිසියද මේ වැඩසටහනට ශක්තිය සපයමින් සිය දායකත්වය දක්වා තිබුණි
මිගමුවේ මෑත ඉතිහාසය තුල මෙවැනි දැවැත්ත මෙහෙයුමක් මිගමුව පොලිස් කොට්ටාශයේ මුලිකත්වයෙන් පැවැති පළමු අවස්තාව මෙය විය යුතුය.

