එහි පළමු සුපිරි තෑග්ග ලබා දි ඇත්තේ නිමල් ලංසාගේ පියා වෙතය.
වෙනදා වසරක් පසා බදු දෙන බිච් පාක් එක මෙවර වසර 3 කට බදුදිමට දැන් සියල්ල සුදානම්ය.
මෙවර අනිකුත් ටෙන්ඩර වසරකට පමණක් ලබාදිමට කටයුතු කර තිබියදි තුන්වෙන් පංතියේ කොමසාරිස්තුමියගේද පුර්ණ ආශිර්වාදය මත නගරාධිපති පුතා විසින් සිය පියාණන් වෙත දැනට නගරයේ වැඩිම අදායම් ලැබිය හැකි ස්ථානය ලෙස සැලකෙන බිච් පාක් එක වසර තුනකට පිරිනැමිමට නියමිතය.
මේ අද දිනයේ විපක්ෂයේ ප්රතිචාරය කෙසේදැයි වඩාත් අවධානයෙන් යුතුව බලාසිටිය යුතුව ඇත්තේ ඔවුන් සැබැවින්ම බදු ගෙවන ජනතාවට වගකියන්නේද යන්නයි.
සැබැවින්ම අද පැවැත්වෙන මහසභා රැස්විම අතිශය තිරාණාත්මක එකකි.
එහෙත් කාවින්ද ජයවර්ධනගේ ගෝල මන්ත්රිලා අතිබහුතරයක් ඊයේ පැවැති කණ්ඩායම් රැස්විම පවා මඟහැර තිබුණි.