මිගමුවේ දූෂණ ගැන කොමසාරිස්වරියට සහ විපක්ෂට චෝදනා?(විඩියෝ )

0
77

මීගමුව මහනගර සභාව තුල දශක ගණනාවක් පුරාවට ක්‍රියාත්මක අන්ත දුෂිත පාලනය ගැන නිති පතා බරපතල විවේචන මතුකරන්නට මිපුර අපි නිරන්තරයෙන්ම කටයුතු කරමින් සිටියද මහනගර සභාවේ රාජ්‍ය නිලධාරින්ගේ මෙන්ම විපක්ෂයේද නිහඩ සහ මගින් මේ දුෂිත පාලකයෝ රිසි සේ දුෂණම පමණක් කරති.
මේ පිළිබදව මිගමුවේ ජේෂ්ඨ නාගරික මන්ත්‍රිවරයෙකු වන කපිල නන්දසුලෝචන ගෙන අප කළ විමසුමකදි නාගරික කොමසාරිස්වරියට මෙන්ම විපක්ෂයටද බරපතල චෝදනාවක් එල්ල කර සිටි.
එමෙන්ම ඔහුගේ විවේචනය විපක්ෂ නායක රොයිස් විජිත හටද එල්ල කොට තිබේ.
නගරාධිපති පුටුවට යෑමට තරම් හයියක් ඇති විපක්ෂය අද එහෙම පිටින්ම නිශ්ශබ්ද විලියම්ලා බවට පත්ව සිටිති