මිගමුවේ දේශපාලකයෙකු පරිහරණය කළ V 8 එකකුත් අත්අඩංගුවට ?

0
479

මේ දිනවල එකලස් කළ වාහන ගැන ලොකු සාකච්ජාවක් සමාජ ගතවෙමින් තිබේ. මිගමුව යනු එකලස් කළ වාහන වලට නම් දැරු තවත් කුප්‍රකට නගරයකි. රාජපක්ෂ රෙජිමයේ ගජමිතුරන් කලක පටන් මේ ඡාවාරම ඉහලින් කරගෙන ගොස් තිබුණි.

පසුගියදා මිරිස්වත්ත ප්‍රදේශයේ නිවසක නවතා තිබියදි කටාන පොලිසියට ලැබුන ඔත්තුවක් අනුව එකලස් කළ V 8 වාහනයක් අත්අඩංගුවට ගෙන ඇත.

එය පසුගිය කාලය තුල පරිහරණය කර තිබුනේ මිගමුවේ කුප්‍රකට දේශපාලකයෙකු බවත් එම වාහනයට සවිකර තිබුණ  අංක තහඩුව මේ කුප්‍රකට දේශපාලකයාගේ නමගිය ඡාවාරම්කරුවකු වන පියාට අයත් වාහනයක එකක් බවද කියැවේ.

අදාල රියදුරා විසින් මෙය පදවාගෙන යන අවස්ථාවේදි වාහනයේ සිදුවු කාර්මික දෝෂයක් හේතුවෙන් එය මිරිස්වත්ත  ප්‍රදේශයේ නිවසකට ගාල් කර තිබුණි.

මෙය පරිහරණය කළ  තැනැත්තා මිගමුවේ කුප්‍රකට දේශපාලකයෙකු බව කටාන පොලිසියට දැනගන්නට ලැබි ඇත්තේ අත්අඩංගුවට ගැනිමෙන් පසුවය.

කෙසේ වෙතත් පොලිසිය තුල යම් වංගු ගැසිමක් ගැනද දැන් කටකථා එළියට එමින් තිබේ. එහි වු අංක තහඩුව ගැන හෝ එහි හිමිකරු  ගැන ප්‍රශ්ණ කිරිමක් කර තිබුන බවක්ද තවමත් දැනගන්නට නැත.

එකලස් කළ වාහනවලට අදාලව නම කියැවෙන ප්‍රසිද්ධ හෝටල් හිමියෙකු ට මෙය අයත් බවට කියා තිබිම නිසි ලොහාන්ලාට මෙන් කුඩුවේ ලගින්නට තිබු අවස්ථාවෙන් මේ දේශපාලකයා බේරුනේ කටාන පොලිසියේ වංගු ගැහිල්ලක්  නිසාදැයි කසුකුසුවක්ද  පොලිසිය සමාජය තුලම දැන් මතුව තිබේ.

සුපිරි හෝටල් ජාලයක හිමිකරුවෙකුට අයත් අධිසුඛෝපහෝගි වාහන පිළිබදව විමර්ශනයක් සදහා පොලිසියේ ඉහල පෙලේ කණ්ඩායමක් මිගමුව පැමිණි බවද වාර්තා වේ

මේ අතර උවිඳු කුලකළසුරිය සිය ෆේස්බුක් පිටුවේ එකලස් කළ වාහන අත්අඩංගුවට ගැනිම ගැන මෙසේ සදහනක්ද කර ඇත

ආ තව එක පෝස්ට් එකක් දාන්න ඕන අද​. මම ඊයෙ මගේ යාලු පොලිසියේ ඩීඅයිජී කෙනෙකුට කාලෙකින් කෝල් එකක් දැම්ම මේ වාහන කේස් එක ගැන අහගන්න. එයා කිව්ව​, “….මචං මේ ලොහාන්ගෙ, ජොනීගෙ සහ තවත් ඉස්සරහට අල්ලන නීති විරෝධී වාහන කේස්, ආණ්ඩුවේ මැදිහත් වීමෙන් වෙන ඒව නෙමෙයි, පොලිසියෙ අය ඒව දැනන් හිටිය​. රථ වාහන පොලිසිය ඒව දැනන් හිටිය​, ඒත් නීතිය ක්රියාත්මක කරන්න පුලුවන් හයියක් තිබ්බෙ නැහැ. දැන් ඒක තියෙන නිසා අල්ලගෙන අල්ලගෙන යනව.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here