මිගමුවේ නගරාධිපති හා කොමසාරිස්වරිය අතර ගැටුම දුරදිග යන ලකුණු ?

0
205

දේශපාලන අධිකාරිය හා පරිපාලන අධිකාරිය බදු ගෙවන නගරයක ජනයාට එරෙහිව ඉතා පැහැදිලිව සන්ධානගතව තිබුනේ නම් ඒ මිගමුව නගරයේ විය යුතුය.
මේ අශුද්ධ සන්ධානය නිසා නගරාධිපතිවරයාට සිය පුද්ගලික දේශපාලන උවමනාවන් වෙනුවෙන් අතදිගහැර බදුමුදල් වැය කරන්නට ඉඩ ලැබුන අතර නගරාධිපතිවරයා විසින්ද එයට පෙරළා නාගරික කොමසාරිස්වරියට විවිධ වරදාන වරප්‍රසාද සදහා පහසුකම් සපයා තිබුණි.
කෙසේ වෙතත් මේ උපයෝගිතාවාදි සම්බන්ධය දැන් එක්තරා අන්දමකට දෙදරා ගොස් ඇති බව වාර්තාවේ.
ඒ නගරාධිපතිවරයා මෙන්ම ඔහුගේ සමිපතයන් කිප දෙනෙකු හා නාගරික කොමසාරිස්වරිය අතර යම් ගැටුමක් නිර්මාණය වි තිබිම නිසාය.
ගිණි නිවන ඒකකයේ ප්‍රධානියා මින් එක් අයෙකු වන අතර අනෙකා වන්නේ මිගමුව මහනගර සභාවේ තවත් කුප්‍රකට තාක්ෂණික නිලධාරියෙකි.
මේ ගැටුම යනු එළිවෙන ජාමෙට හොඳ හොඳ සෙල්ලම් පෙන්විමට නියමිත එකකි