මීගමුවේ හිටපු ජේෂඨතම නාගරික මන්ත්‍රිවරයාගේ හදිසි වියෝව නිසා හිස්වු එජාප මන්ත්‍රි අසුන මිගමුවේ එජාප සම සංවිධායක ප්‍රදිප් පිරිස්ට ලැබිය යුතුව ඇතැයි මිගමුවේ ප්‍රගතිශිලි පුරවැසියන් කිප දෙනෙකු මෙන්ම එජාප ජේෂ්ඨයන් පිරිසක්ද පසුදිනවල මිපුර අමතා පවසන්නට යෙදුණි.
ප්‍රදිප් පිරිස් වසර ගණනාවක් තිස්සේ මිගමුව මහනගර සභාවේ සභිකයෙකු ලෙස කටයුතු කරමින් ලංසා පවුල විසින් ක්‍රියාත්මක කළ දුෂිත ගණුදෙනු රැසකට ක්රියාකාරියව විරෝධය පළකර තිබුනේ කිසිදු ඩීල් එකකට යටත් නොවෙමින් බවද සැලය.
විශේෂයෙන්ම නගරයේ කුණු කසල බැහැර කිරිමේ කොන්ත්‍රාත් මගඩියට මෙයට එරෙහිවිම මේ එක් නිදසුනක් බවද එක්තරා ජේෂ්ඨ මිගමුවේ පුරවැසියෙකු ප්‍රකාශ කර සිටියේය.
මේ වන විට වත්මන් ඒජාප සමසංවිධායකයෙකු යන බෙන්ජමින් ලංසා පවුලේ හුරතලෙකු බවට පත්ව ඇති පසුබිමක එජාප නායකත්වය විසින් ප්‍රදිප් වැන්නෙකු ඉදිරියට ගෙන ඒම ක්‍රියාකාරි ලංසා විරෝධි දේශපාලන පෙරමුණක අත්‍යවශ්‍ය සාධයක්ව පවති.