

මීගමුව නගර සභාව මගින් අඩු ආදායම්ලාභී පවුල්වල පාසල් දරුවන්ගේ පාසල් අධ්‍යාපනය සඳහා නොමිලේ බෙදාදීම සඳහා නිකුත් කරන ලද අභ්‍යාස පොත් මීගමුව නගරයේ පොත් සාප්පුවක විකිණීමට තබා තිබියදී පසුගිය (21) වනදා විපක්ෂ මන්ත්‍රිවරුන් ගේ මැදිහත්විමෙන් සොයාගෙන තිබුණි.
මෙම සිදුවිම මේ වන විට මාධ්‍ය හරහාද විශාල අවධානයකට යොමුවිමත් සමගින් රටතුලද කථාබහකට ලක්ව තිබේ.
කෙසේ වෙතත් මහනගර සභා ලාංඡනය සහිතව දුප්පත් දරුවන් හට නොමිලේ දිමට ඇති පොත් අලෙවි කිරිම සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත්වු කඩ හිමියා මේ වනවිට රුපියල් 5000 ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂය බැගින් වු පුද්ගල ඇප දෙකක් මත මුදා හැර තිබේ
මේ අතර මේ සිදුවිම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා තිබුනේ මේ වන විට නාගරික මන්ත්‍රීවරයෙක් සහ නාගරික කොමසාරිස්වරිය විසින් මේ සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදී ඇති බවය. එමෙන්ම එම පොත්පත් තොගය අලෙවි කළ පුද්ගලයන් සම්බන්ධයෙන්ද තොරතුරු ලැබී ඇතැයිද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසා තිබු බව ලංකාදිප පුවතක සදහන්ය



දුප්පත් දරුවන්ගේ පොත් වලිනුත් ගසා කෑම් දැනට වසර ගණනාවක් සිට සිදුව ඇතැයි විපක්ෂ මන්ත්‍රිවරුන් දැනටමත් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර ඇති අතර පළාත් පාලන නිති ප්‍රකාරව නාගරික මන්ත්‍රිවරුන් හට මේ ආකාරයෙන් පොත් ලබාදිමට කිසිදු නිතිමය ප්‍රතිපාදනයක් නැති බවද වාර්තාවේ.
එසේ පොත් බෙදිම නගර සභා නිලධාරින් විසින් කලයුතු අතර ඒ අවස්ථාවන්ට නාගරික මන්ත්‍රිවරුන්ට සහභාගි විය හැක.


එහෙත් පසුගිය දිනවල මිගමුව මහනගර සභාවේ ඇතැම් නාගරික මන්ත්‍රිවරුන් පමණක් නොව ලංසා පවුලේ හිතවාදින්ද මේ පොත් බෙදා දිම් ගැන සිය ෆේස් බුක් පිටුවල පවා ඡායාරුප පළකර ඇති අයුරු දැකගත හැකිවිය.
මේ ඇතැම් නාගරික මන්ත්‍රිවරුන් සිය හිතුවන්ගේ නම්ද සිය ෆේස්බුක් පිටුවල සදහන් කරමින් පොත් ලබාදුන් බව ප්‍රචාර කර තිබේ.
කෙසේ වෙතත් ඊයේ සවස් වන තුරුත් අදාල කඩහිමියාට පොත් ලබාදිම තිබුණ පුද්ගලයාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුනේ නැත
දැනටමත් පොලිසිය විසින් හදුනාගෙන ඇති අදාල පුද්ගලයා පසුගිය පළාත් පාලන මැතිවරණයට පොහොට්ටුවෙන් වැල්ලවිදිය කොට්ටාශට තරග වැදුන අයෙකු වන අතර ඔහු වෙත පොත් ලබාදි තිබුන මන්ත්‍රින් කිපදෙනෙකු නම්ගැනද මේ වන විට පුලුල් කථා බහක් මතුව තිබේ
මේ අතර වික්ෂයේ නාගරික මන්ත්‍රින් 14 දෙනෙකුට ඔවුන්ගේ කොට්ටාශවල දුප්පත් දරුවන් සදහා බෙදාදිමට පොත් ලබාදි නැති බවද වාර්තාවේ.ඒ පිරිස මෙවර අයවැයට විරුද්ධව ඡන්දය ඡන්දය ලබාදුන් පිරිස ලෙස හදුනාගෙන තිබේ