මිගමුවේ බදුගෙවන ජනයාට බොරු කළ කොමසාරිස්වරියට බරපතල චෝදනාවක් ..

0
92

මිගමුවේ නාගරික කොමසාරිස්තුමිය දේශපාලන අධිකාරියට අවශ්‍ය පරිදි බොරු කියමින් කටයුතු කරන බවට වු චෝදනා යළිත් වරක් අද පැවැති මහසභාවේදිද සනාථ වි තිබේ.
ඒ පිළිබදව ඇතැම් නාගරික මන්ත්‍රිවරුන් අද පැවැති මහසභා රැස්විමේදිම ප්‍රකාශ කර තිබේ.
දැනට මාස 2 කට පෙර සිට කොච්චිකඩේ ප්‍රදේශයේ ඉදිකරමින් තිබුන ගොඩනැගිල්ලක් ගැන නාගරික මන්ත්‍රිවරුන් විමසා සිටි අවස්ථාවේදි ඇය ඉතා පැහැදිලි ලෙසින් ජනතාව නොමග යවන බොරුවක් ජනතා නියෝජිතයන් හට කියා තිබුනේ .
එනම් කොච්චිකඩේ ඒ ගොඩනැගිල්ල පෝරකේ වත්ත නම් වු ප්‍රදේශයේ ඉදිකරන්නේ රථගාලක් සදහා බව කියමිනි.
එවිට එක් නාගරික මන්ත්‍රිවරයෙක් ඇයගෙන් විමසා තිබුනේ මේ හදන ගොඩනැගිල්ල කුට්ටිදුවේ ජනයා විසින් එපා යැයි කියා පන්නා දැමු කුණු ව්‍යාපෘතිය වෙනුවෙන් නේද ඉදිකරන්නේ ඇයි අසමිනි.
එවිට ඇය දිව්රා කියා තිබුනේ කුණු ව්‍යාපෘතිය සදහා නොවන බවය.
කොමසාරිස්වරිය එදා කියපු බොරුව ගැන මතක් කරමින් අද පැවැති මහසභා රැස්විමේදි කපිල නන්දසුලෝචන මන්ත්‍රිවරයා බරපතල විවේචනයක් සිදුකර තිබුණි.
සැබැවින්ම මේ ආකාරයෙන් ජනතාවත් මහජන නියෝජිතයන්වත් මුලා කළ රාජ්‍ය නිලධාරියෙකු මිගමුවේ මෑත ඉතිහාසය තුල වාර්තා වි නොමැති තරම්ය.
ඇය ඒ තරම්ය නිහින අයෙකු යැයි මිපුර අමතා කථා කළ  මන්ත්‍රිවරුන් කිප දෙනෙකුම කියා සිටියේය