මිගමුවේ මහජන බදු මුදල් කාබාසිනියා කරන අයවැයට එජාප ඡන්දය දෙයිද ?

0
74

MC 2මීගමුව ඉදිරි සංවර්ධන වසර තින්දු කරනු ලබව අයවැය ලබන මස මුදලදි ඉදිරිපත් කිරිමට නියමිතය.
ගෙවනු වසරේ මුදල් වැය කිරිම් වල රග ගැන කියන්නේ නම් වසර වෙන් කරන ලද මුදල් මාස තුනහතරකින්ම ඉවර කිරිම ලංසා පාලනයේ  තරම ගැන කියැවෙයි.
මේ වසරේ මුදල් නාස්ති කිරිම් ගැන කප්පරක් උදාහරණ සැපයිය හැකි වුවත් ඉන් එකක් පමණක් මිගමුවේ බදුගෙවන ජනයාගේ අවධානයට ගෙනඑන්නේ නම් කොච්චිකඩේ නගරයේ කුණු අදින්නට යැයි කියා බදවා ගත් කම්කරුවන් හතලිස් ගණනක් සිටියදි තවමත් ඒ ප්‍රදේශයේ කුණු අදින්නේ සෙවන් හිල්ස් නම්වු කොම්පැණියක් විසිනි.එපමණක් නොව ඒ වෙනුවෙන් යැයි කියා අලුතින් මිළට ගත් ට්‍රැක්ටර් ද තිබේ.
මේ සියල්ල ඇත්තටම මුදල් කාබසිනියා කිරිම්ය.
එපමණක් නොව මීගමුවේ බදුගෙවන මහජනයාගේ මුදල් වලින් වැඩියෙන්ම හම්බකරගන්නා කොන්ත්‍රාන් කරුවන් දෙදෙනෙකු දැන් සිටි.
ඇතැම් අවස්ථාවන් වලදි ඇස්තමේන්තු පවා සකසා දෙනවා යැයි කියන්නේද මේ කොන්ත්‍රාත්කරුවන් විසින්මය.
එවන් පසුබිමක ලක්ෂ 60 ක වැඩේ ලක්ෂ 100 පැන්නිම යනු ඉතා සරල කරුණකි.
මේ ලක්ෂ 40 කොන්ත්‍රාත්කරුවන් අතර පමණක් නොව මේ  දෙදෙනාගේ සාදර අනුග්‍රහයන් දෙපල වන අයියාට සහ මල්ලිට අදායම් ලැබෙන්නේ ද මෙසේ වැඩියෙන් අස්තමේන්තු ගතකරගන්නා මුදලින්මය.
මේවා ගැන කරුණ සහිතව ප්‍රශ්ණ කරන්නට අද  මිගමුවේ ජවිපෙ සාමාජිකයන්ට පවා නොහැකිවිම ඇත්තටම කණගාටුවකි.
තතු මෙසේව තිබියදි ලබන වසරේ අයවැය සම්බන්ධයෙන් එජාප ගනු ලබන ස්ථාවරය කුමක්ද ?
පැවැති පළාත් පාලන මැතිවරණයෙන් කොට්ටාශ 29 න් 19 ක් ජයගෙන මිගමුව ඉහලට ඔසවා තබන්නට කටයුතු කළ මිගමුවේ ප්‍රගතිශිලි ජනයා තමන් විසින් පත්කර යැවු මන්ත්‍රිවරුන් සහ මන්ත්‍රිවරියන්ගෙන් ඇත්තටම බලාපොරොත්තු වන්නේ කුමක්ද ?
රටපුරා ශක්තිමත් ලෙසින් ඉදිරියට ඇදෙන ප්‍රජාතන්ත්‍රවාදය සදහා වු ව්‍යාපාරය යනු සිරිසෙන රාජපක්ෂ හවුලට හාන්සි වෙන්නට කදිම පිළිතුරක් සපයන එකක් බව දැන් නොඅනුමානය .
එවන් පසුබිමකදි මිගමුවේ එජාපය ගනු ලබන ස්ථාවරය දෙස මිගමුවේ ජනයා පමණක් නොව රටම බලාසිටින බවද මෙහිදා සටහන් තැබිය යුතුවේ.
කුම්බලා මාළු කෑවා නම් දුක්විඳපන් බළලෝ යැයි කියමන් තිබේ.
පසුගිය දිනක අප කළවිමසුමකට පිළිතුරු දුන් මිගමුව එජාප කණ්ඩායමේ ලේකම් රවි ජිවාන්නද මන්ත්‍රිවරයා කියා සිටියේ තම කණ්ඩායමේ මන්ත්‍රිවරුන් 15 දෙනෙකු මේ ගමනට සම්බන්ධන බවට තමාට දැනුම් දි ඇති බවය.
නගරාධිපතිගේ උප්පරවැට්ටියට හසුව  පාසිකුඩා යන එජාප මන්ත්‍රි කණ්ඩායම දෙස මිගමුත් රටත් බලා සිටි  !