මිගමුවේ මහජන බැංකුව අද කලින්ම වසා දැමිම නිසා ගණුදෙනුකරුවන් බරපතල අර්බුදයක..

0
600

මහජන බැංකුව 2මහජන බැංකුව හදිස්සියේම සිය ගණුදෙණුකරුවන් ගැන ප්‍රසිද්ධියේ දැනගැනිමට පවා ඉඩක් නොතබාම අද වසා දමා තිබිම නිසා ගණුදෙනුකරුවන් රැසක් මහත් අපහසුවකට පත්ව තිබුණි.
අද සිකුරාදා දිනයද බැවින්ද සති අන්තයේද බැංකු වසා ඇති නිසා විවිධ අවශ්‍යතාවයන් මත මුදල් ගණුදෙනු සදහා පැමිණි අය මහත් අපහසුවකට පත්ව තිබුණි.
මිගමුව මහජන බැංකුවෙන් කළ විමසිමකදි කියා සිටියේ අද දවල් 12.30 ට බැංකුව වසා දැමු බවය.යළිත් ගණුදෙනු සදහා විවෘත වන්නේ ලබන සදුදා බවද කියා සිටියේය.මහජන බැංකුව
මිගමුව පොලිස් කොට්ටාශයට ඇදිරි නිතිය පනවා නැති අතර එසේ ඇදිරි නිතිය පණවන බවට හෝ කිසිදු රාවයක් පවා නොතිබියදි බංකු කළමණාකාරිත්වය විසින් ගෙන ඇති මේ තිරණය සැබැවින්ම සිය ගණුදෙනු කරුවන් අමාරු දැමිමකි.
මේ සම්බන්ධයෙන් අප කොළඹ ප්‍රධාන කාර්යාලයෙන් කළ විමසුමකදි කියා සිටියේ ප්‍රදේශයේ තත්වය සලකා බලා බැංකුව වැසිමට කළමණාකාරිත්වයට තිරණය කළ  හැකි බවය.
කෙසේ වෙතත් ඒ අධිකාරිත්වය ප්‍රයෝජනයට ගනිමින් මිගමුවේ බැංකු කළමණාකාරිත්ව ගනු ලැබි තිරණය  අද එහි පැමිණ මහත් අපහසුකට පත්වු ගණුදෙනුකරුවන්ගේ බලවත් විරෝධයක් එල්ල වි තිබුණි.මිට පෙර අවස්ථා කිපයකදිම  පසුගිය කොරෝනා සමයේ මේ ආකාරයෙන්ම මේ කළමණකාරිත්වය කටයුතු කර තිබුණි. ඒ  වෙන්නප්පුව ශාඛාව පවා ඒ විවෘතව පවතිද්දිය.
එදින හලාවත සිට පැමිණ තිබුණ එක් ගණුදෙනුකාරියක් පවසා සිටියේ රටේ තත්වය අනුව බැංකුකරුවන් නිවාඩු ගන්නවා වෙනුවට වැඩියෙන් වැඩකරමින් සිය ගණුදෙනුකරුවන් හට සේවය සලසා දිය යුතු ඇති බවය.එදිනද මහජන බැංකුව ප.ව.1.00දක්වා විවෘතව පවතින බව එහි වෙබ් අඩවියේද සඳහන්ව තිබියදි ගණුදෙනුකරුවන් මෙසේ අද දින අපහසුවට පත්කිරිම සැබැවින්ම අශිලාචාර කමක් බවද ඇය කියා සිටියාය.
කෙසේ වෙතත් රජය විසින් දිගින් දිගටම දැනුම් දි තිබුනේ ගම්පහ දිස්ත්‍රික්කයේ මහජන අවශ්‍යතා ඉටුකරගැනිම සදහා ඔසුසැල් මෙන්ම ආහාර පාන අලෙවි සැල්ද මත්‍යස්‍ය අලෙවි සැල්ද රාත්‍රි 08.00 තෙක් විවෘතව පවතින බවය.
තතු එසේව තිබියදි මිගමු මහජන බැංකුවේ කළමණාකාරවරිය මේ තින්දුව ගැනිම සම්බන්ධයෙන් ගණුදෙනුකරුවන් තුල පැවතියේ දැඩි පිළිකුලකි.
මේ පිළිබදව රජයේ අදාල බලධාරින් දැනුවත් කළ යුතු යැයිද එහි පැමිණ සිටි ඇතැම් ගණුදෙනු කරුවෝ කියා සිටියහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here