මිගමුවේ මාධ්‍යවේදි රහුමාන්ට සම්මානයක්..

0
346

මාර්තු 18 වැනි සඳුදා ලේක්හවුස් ආයතනයේ පැවැති ‘තිනකරන්’ දෙමළ දිනපතා පුවත්පතේ 92 වැනි සංවත්සරයේ වාර්ෂික සම්මාන උළෙලේදී කලම්බු ටයිම්ස් කාර්ය මණ්ඩලයේ ඉස්මතුල් රහුමාන් මහතාට විශේෂ සම්මානයක් පිරිනැමිණි.

තිනකරන් සඟරාවේ ප්‍රධාන කර්තෘ සෙන්තිල් වේලාවර් මහතා රැස්වීමේ මුලසුන දැරීය

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ අතර ලේක්හවුස් සභාපති හරේන්ද්‍ර කාරියවසම් මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් විශේෂ ආරාධිතයන් ලෙස සහභාගි වූහ.