( 10.15 am ) මතුව ඇති තත්වය හමුවේ පෑලියගොඩ මාළු වෙළද පොළේ ගැණුම්කරුවන් මෙන්ම මාළු සැපයුම්කරුවන්ද අද දින මිගමුව ලෙල්ලමට පැමිණ තිබුන බව වාර්ථාවේ.
එමෙන්ම අද දිනයේද පිටපළාත් වලින් සැලකිය යුතු අන්දමින් මාළු තොග ලැබි තිබුණ අතර මේ හේතුවෙන් මාළු මිළ තරමක් පහල මිලකට ගොස් තිබුණි. පසුගිය දිනවල කිලෝවක් රු 270 ක් වු සාලයා අද දිිනයේ අලෙවි වුයේ රු 200 කටය. එමෙන්ම කුම්ඹලා කිලෝවක මිළ රු 450 වි තිබුණි.
මේ අනුව හෙට දිනයේද මේ ආකාර තත්වයක් ඇතිවිය හැකි බව අපගේ ලෙල්ලමේ ආරංචි මාර්ග දක්වා සිටි.
පෙර පරිද්දෙන් මිගමුවේ ලෙල්ලම අලුයම 2 ට පමණ ආරම්භ වෙන බවද එහි සිටින මත්යස්ය අලෙවිකරුවන් පවසති.