මිගමුවේ මාළු ලෙල්ලම් ගැන ලබන සතියේ තිරණයක්..?

0
81

මිගමුව තුල ක්‍රියාත්මක ප්‍රධානතම මාළු ලෙල්ලම් 4 න් තුනක්ම පිහිටා ඇත්තේ මැද සහ උතුරු පිටිපන කේන්ද්‍රකොට ගෙනය.
මේ ප්‍රදේශවලින් දැනටමත් කොරෝනා ආසාදිතයන් 12 ක් පමණ වාර්තා වි තිබේ.
එමෙන්ම මිගමුවේ ලෙල්ලම් කරා විශාල වෙළෙදුන් ප්‍රමාණයක් පිටපළාත්වලින් පැමිණෙති.
මේ අයගේ ආසාදිත තත්වයන් ගැන හෝ ලෙල්ලම් තුල නිසි සෞඛ්‍ය නිති රිතින් පවත්වාගෙන යාම හෝ නිසි අයුරින් සිදුකිරිම සැබැවින්ම අසීරු කටයුත්තක් බවට පත්ව තිබේ.මේ කරුණ පිලිබදව ඊයේ මිගමුව මහනගර සභාව තුල පැවැති විශේෂ රැස්විමකදිද සාකච්ජාවට ලක්ව තිබුනි.
ඒ බව හොදහැටි පසුගිය වසරේදිද අත්දැක්කෙමු.
එහෙත් දැනටමත් අර්බුදයට ගොස් ඇති ධිවර කර්මාන්තය ගොඩදැමිම සදහා ඔවුන්ගේ ආර්ථිකයද රැකගනිමින් සැමගේ ජිවිත රැකගැනිමේ ක්‍රමයක් සැලසුම් කළ යුතුව තිබේ.