මිගමුවේ සහකාර පොලිස් අධිකාරි රිෆාඩ් මහතාට උසස්විමක්!

0
181

police 1ඊයේ සවස  අපුරු විහිළු කථාවක් මුහුණු පොතේ කියවන්නට ලැබුණි. එනම් වැඩබලන පොලිස්පති විසින් මිගමුවේ සහකාර පොලිස් අධිකාරි රිෆාඩ් මහතාට ස්ථාන මාරුවක් ලබාදි ඇතැයි යන්න  ගැන මිගමුවේ එජාප සංවිධායක කාවින්ද ජයවර්ධනගේ සමිප දේශපාලන ආධාරකරුවෙක්  ඩෙනික් තිසෙරා යන අය විසින්  මුහුණේ පොතේ තබා තිබුන සටහනක් නිසාවෙනි.
පහත පළවන ඩෙනික්ගේ පෝස්ටුව අනුව හැගියන්නේ සහකාර පොලිස් අධිකාරිව වැඩබලන පොලිස්පතිවරයා ට කියා මාරුකර ඇති බවත් එය කර ඇත්තේ ඩෙනික් තිසේරා බවත්ය.
බුකියට ආතල් දෙන ඩෙනික්ලා නොදන්නා ඇත්ත තත්වය වන්නේ මිගමුව සහකාර පොලිස් අධිකාරි රිෆාඩ් මහතා ඉහලම උසස්විමක් ලැබ වැඩබලන පොලිස්පතිවරයාගේ මුස්ලිම් කටයුතු සම්බන්ධිකරණ සදහා මේවන විට  රාජකාරියේ නියැලෙමින් සිටින  බවය.
එබැවින් ඩෙනික්ලා වැනි බුකි ආතල් කාරයන් විසින් වපුරන බොරු වලින් සිදුවන හානිය ගැන එක්කෝ කාවින්ද ජයවර්ධනලා බලාගත යුතුය නැතිනම් පොලිසියේ උසස් නිළධාරින් මේ ගැන වහා මැදිහත්වි අදාල පියවරයන් ගතයුතුව ඇත.
පහත පළවන්නේ උසස් විමක් ලැබ මිගමුවේන ගිය සහකාර පොලිස් අධිකාරිව  ඩෙනික් තිසේරා  පොලිස්පතිට කියා මාරු කළ බව කියමින් ලැබු බුකි ආතල් වලින් එකකි.