මිගමුවේ හිටපු මන්ත්‍රි කෙනෙක් කාර්දිනල් හිමිට කොටි ලේබල් අලවයි ?

0
336

ඩන්ස්ටන් කියන්නේ මිගමුවේ හිටපු නාගරික මන්ත්‍රි කෙනෙක් . ඒයා  වැඩියෙන් ප්‍රසිද්ධ ඩන්ටි කියල . රාජපක්ෂලා වෙනුවෙන් අතදිගහැර දේශපාලනය කරපු එයාව පහුගිය පළාත් මැතිවරණයේදි කුරණ ජනතාව පරද්දල දැම්මා.
ඒ් විතරක් නෙමේ ඩන්ටි ගැන අපි අවස්ථා කිපයදිම ලියලත්  තියෙනවා.

ඒ් ප්‍රධානම එක තමයි නිමල් ලංසා වෙනුවෙන් මේ මනුස්සයා මිගමුව කඩොල් කැලේ කඩොල් අක්කර 8 ක් කපලා පුච්චලා දාපු ඒක ගැන

අද වගේම නීතිය බල්ලට ගිහින් තිබුන ඒ කාලේ කඩොලාන විනාශ කරපු ඩන්ටිලව කව්රුත් උසාවි ගෙනිච්චෙ නැ.
ඒ් ඩන්ටි දැන් ෆේස් බුක් ඒකේ තවත් කථාවක් කියන්න පටන් අරන්.

එයා කියනවා කාර්දිනල් හිමියන්ටත් තියෙන්නේ රායප්පු ජෝශප් හිමිට වගේ ජාතකයක් ලු.
ඩන්ටි ගේ මොළේ දිග පළල ගැන අපුරුවට කියැවෙන මේ ෆේස් බුක් පොස්ට් එකට දැනටමත් විවේචන ගලන්න පටන් අරන්..
රායප්පු ජෝශප් එයාගේ ජනතාව වෙනුවෙන් පෙනි සිටියේ කොන්දේසි විරහිතව අසිමිත ආදරයකින්.කඩොල් අක්කර 8 ක් ම කපල විනාශ කරපු කරපු ඩන්ටිලා ජනතාවට විතරක් නෙමේ ගහකොලටත් ආදරයක් නැති නිකම් නිකම් දේශපාලකයෙක් විතරයි .

කාර්දිනල්  හිමියන් මේ දවස්වල  ලොකු සටනක් දෙන්නේ මිගමුවේ කටුවාපිටියේ සහ රටේ තවත් තැන් වල පාස්කු ප්‍රහාරයෙන් මරාදාපු අය වෙනුවෙන් .
කතෝලිකයෙක් වෙච්ච ඩන්ටි මේ විරුද්ධ වෙන්නේ කටුවාපිටියේ ඒ අසරණ කිතුනුවන්ගේ ජිවිත විනාශ කරපු උන්ට විරුද්ධව කටයුතු කරන කාර්දිනල් හිමියන්ට.
ඩන්ටි රකින්න හදන්නේ කාවද ? අර අහිංසකන්ව මරවපු කුමන්ත්‍රණකාරයන්ව …..