මිගමුවේ 4 වෙනි කොරෝනා මරණයත් වාර්තාවේ !

0
294

අප්‍රේල් 17 වනදායින් පසුව ක්‍රමයෙන් වැඩිවෙමින් යන කොරෝනා ආසාදිතයන් ගණන 150 කට ආසන්න වෙමින් තිබියදි 4 වෙනි කොරෝනා මරණයද මිගමුවෙන් වාර්තාවේ.
සතියක කාලය තුල මිගමුව තුල සිදුවුන දෙවන මරණය වන්නේද එයයි.
මිගමු පිටිපන වීදිය ප්‍රදේශයේ වයෝවෘද්ධ මවක් මෙසේ වෛරසයට ගොදුරු වි ඇත
මිගමුව තුල සිදුවෙමින් ඇති මේ වර්ධනයන තුල සුවිශේෂිම සිදුවිම වි තිබුනේ නවලෝක රෝහලේ කාර්යමණ්ඩල සාමාජිකයන් 28 දෙනෙකු කොරෝනා අසාදිතයන් බවට තිබිමය.
ලංකාව තුල පුද්ගලික රෝහලකින් දින කිපයක් තුල මේසා විශාල කාර්ය මණ්ඩල සාමාජිකයන් පිරිසක් ආසාදිතයන් බවට පත්වු පළමු අවස්ථාවද මෙය විය හැක.
පසුගිය කාලය තුල විශාල රෝගින් පිරිසක් පැමිණ තැනක් බවට පත්ව තිබුන නවලෝක රෝහලේ විශාල කාර්යමණ්ඩල සාමාජිකයන් පිරිසක් ආසාදිතවිම හේතුවෙන් එහි ආ ගිය පිරිසට එහි බලපෑම කෙසේ ද යන්න ඉදිරි දිනවලදි දැනගත හැකි වනු ඇත.
ඒ කෙසේ වෙතත් නවලෝක රෝහල ව්‍යාපාරයක් ලෙසින් රැකගැනිමට මිගමුවේ ඇතැම් සෞඛ්‍ය ලොක්කන් උපරිමයෙන් කැපවි කටයුතු කළ බව නම් මිගමුව තුල දැන් ප්‍රසිද්ධ රහසකි.එපමණක් නොව එහි ව්‍යාපාරික කිර්තිනාමය රැකගැනිමට ප්‍රධාන ප්‍රවාහයේ මාධ්‍ය පවා කටයුතු කළ අන්දම ඉතා පැහැදිලිය