මිගමුව අල්හිලාල් මධ්‍ය මහ විදුහලට පොත් පරිත්‍යාගයක්

0
53

මිගමුව අල්හිලාල් විදුහලට පසුගිය 24 දින  පෙරියාමුල්ල් සමාජ සේවක එම් මුශ්ටාක් මහතා විසින් රුපියල් පනස්දහසක් පමණ වටිනා ඇක්සයිස් පොත් තොගයක් පරිත්‍යාග කරන ලදි. මෙම පරිත්‍යාගය  එදින උදැසන රැස්විමත් සමග සිදුවිය. මෙම විදුහලේ විදුහල්පතිවරුන් මෙම අවස්ථාවට සහභාගිවුහ.
මෙම පාසැලේ විශේෂ අධ්‍යාපනය ලබන දරු දැරියන් 11 දෙනෙකු  මුශ්ටක් මහතා අතින් පොත් ලබාගත්තේය.SAM_7688new

මෙම අවස්ථාවේදි විදුහල්පති එම් එම් එම් ගස්සාලි මහතා කථා කරමින් මෙම පාසැලේ අධ්‍යාපනය ලබන දුප්පත් දරවන්හට මෙය විශාල උපකාරයක් බවත් පසුගිය වසරේ මුශ්ටාක් මහතා සපත්තු කුට්ටම් 50 ලබාදුන් බවයි.
විදුහල්පතිවරයා  විසින් කියා සිටියේ යමෙකු අධ්‍යාපනය ලබන්නෙකු (සිසුවෙකු) අධ්‍යාපනය ලබාදෙන්නෙකු (ගුරුවරයෙකු) හෝ අධ්‍යාපනයට සහය වන්නෙකු (උදව් කරන්නෙකු) වියයුතු බවත් සිව්වන පාර්ශවය වන කිසිදෙයක් නොකරන ගනයට කිසිවෙකු අයත් නොවන්නයි නබි තුමා වදාරා  ඇතිබව  පවසා සිටියේය.SAM_7675

මෙම පෙත් ලබාදිම සම්බන්ධව මුශ්ටක් මහතා මෙතෙක් විමසූ විට ඔහු පැවසූවේ   වසර ආරම්භවිමෙදි දෙමාපියන් දරුවන්හට පොත්  ලබාදෙන බවත් දෙවන වාරයේ පාසල ආරම්භ වීමෙදි පොත් අවශ්‍යතවයන් සදහා මෙය ලබාදුන් බවයි.
මෙය මිගමුව මහ නගර සභාවේ  විපක්ෂ මන්ත්‍රීවරුන්ට ඛෙදන්නට පොත් ලබානොදි අකුලුහෙලන අයහට හොඳ ආදර්ශයකි.

සටහන සහ ඡායා
සුජායිල් මුනිර්