මිගමුව අලුත් පාරේ මාරක දුම්රිය කපොල්ලක අදත් අනතුරක් !

0
170

DSC_0999

 

අද (28දා) ප.ව. 2.30ට පමණ මාදම්පෙ බලා ගමන්කරමින් තිබූ දුම්රියක ගැටීමෙන් ලොරි රථයක් අනතුරට පත්විය. SF ICE PRIVAT LIMITED නම්වූ අයිස් කර්මාන්ත ශාලාවේ සිට අයිස් පටවාගෙන දුම්රිය හරස් පාරෛන් මාරුවීමට යාමේදී මෙම අනතුර සිදුවී ඇත. W’ M .සුරාජ් විදුරංග නම්වූ මෙහි රියදුරු තම ජීවිතය බේරාගෙන ඇත්තේ ඉදිරිපස දකුණු පැත්තේ වීදුරුව ගැලවී ගොස් තිබුනු හෙයින් එම ස්ථානයෙනි. මෙම අනතුරෙන් කිසිවෙකුට හානියක් නොවූ නමුත් මෙම ලොරියට විශාල ලෙස හානිවී තිබින. දුම්රිය දෙපාරථමේන්තුවේ සේවක පිරිස සහ අවට ප්‍රදේශවාසීන් මැදිහත්වී ලොරියේ ටයර් යටවී තිබූ පස් ඉවත් කිරීමෙන් පසු දුම්රියට ගමන් කළ හැකිවූ හෙයින් දුම්රිය අදාල පරිදී ධාවනය කෙරින.මේ දුම්රිය මාර්ගයේ ඇති තවත් එක් මරාන්තික කපොල්ලක් බව ප්‍රදේශවාසිහු පවසති.