මිගමුව ඉන්දියන් හොරබඩු තිප්පොළක්විම නිසා කොරෝනා අවධානමක් ?

0
73

දැනට කලක පටන් මිගමුව ඉන්දියන් හොරබඩු ජාවාරම්කරුවන්ගේ තිප්පොලක් බවට පත්ව තිබේ.
ඉන්දියන් ජාතිකයන් හා සෘජු සම්බන්ධතා ඔස්සේ ක්‍රියාත්මක මේ ජාවාරම් නිසා කොරෝනා අවධානමක් මේ වන විට මතුවෙමින් තිබේ.ඊයේ දිනයේදි පවා ඉන්දියන් කහ,එනසාල්, සහ බිඩි කොළ තොගයක් මිගමුවට ගෙනවිත් තිබියදි ජනතාව විසින් මේ ගැන කල් ඇතිව නාවික හමුදාවට දැනුම් දි තිබිම හේතුවන් අත්අඩංගුවට ගැනිමට හැකිව තිබේ.
මේ අතර ජාත්‍යන්තර මුහුදේදී ඉන්දීය ධිවරයින් සමඟ කටයුතු කිරීමෙන් වැළකී සිටින ලෙස ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා ධිවර ප්‍රජාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

මේ වන විට ඉන්දියාවේ පවත්නා කොවිඩ් -19 වෛරස ව්‍යාප්තියේ අවදානම හේතුවෙන් එම ඉල්ලීම සිදුකරන බව අමාත්‍යවරයා සඳහන් කර තිබේ

එබැවින් සෞඛ්‍ය ආරක්ෂිත ලෙස ධිවර කටයුතුවල නිරත වන ලෙස ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා මෙරට ධිවර ප්‍රජාවට වැඩිදුරටත් දැනුම් දෙයි
ඡායා – navy.lk