මිගමුව ගොඩ නැගිය හැක්කේ කාටද?

0
176
මිගමුව කොටුව පිට්ටනිය අසල වෙරළ

( 8.30 am ) අපේ පැරණිම මිතුරියක් වන යමුනා සහෝදරිය ෆේස් බුක් පිටුවක මිගමුව ප්‍රධානතම සංචාරක පුරයක් කරමුද කියල අහල තිබුනා.

ඇත්ත එහෙම කරන්න ඕනා.ඒත් ලේසි නෑ.දශක ගණනාවකට පස්සේ මිගමුව තුල ලංසා  පාලනයට එරෙහිව විකල්ප පාලනයක් ස්ථාපිත කරන්න හැකියාවක් තියෙනව.එක්කෝ මාලිමාව තනියම නැත්නම් තවත් අයගේ සහය අරගෙන.

හැබැයි මිගමුව අලුතින් ගොඩ ගන්න නම් මාලිමාවට වුනත් සිද්ද වෙනව මිගමුවට ඇත්තටම ආදරය කරන තවත් අයව එකතු කරගන්න.

පක්ෂවල අය විතරක් නෙමේ මිගමුව ගැන හොද අදහස් තියෙන හුගදෙනෙක් ඉන්නවා.ඒ අයව අනිවාර්යයෙන්ම හවුල් කරගන්න වෙනවා.

හැබැයි එහෙම කරන්න පුලුවන් නිහතමානි නායකත්වයක් මාලිමා⁣වේ මිගමුවේ අයට කොයිතරම් තියෙනවද කියල ගැටලුවක් තියෙනව.

අපි ගමුකෝ ජවිපෙ  එක්ක සම්බන්ධිකරණය කරන   මේ ජුඩ් කියන චරිතය..එයාට ඒ වගේ පැසුනු නායකත්වයක් නැ කියල කියන්නේ අපි විතරක් නෙමේ .මාලිමාවේ ඇතුලෙමත් මේ අදහස ගොඩ දෙනෙක්ගේ තියෙනව.

අපි මිගමුවේ දින 100ක අරගලයක් කලා.එදා යම් පමනකට හරි ඒකට සෙට් වුනේ ජවිපෙන් මාලිමාවේ හෙන්රි විතරයි.මාලිමාව කලේ ඒ කාලේ කොට්ටාශ සභා හදපු එක.

අප දේශපාලනික කල්පනා කලොත් ජවිපෙ මිගමු නියෝජිතයා වුන ජුඩ් කියන චරිතෙට වඩා පෙරටුගාමි එකෙ   මිගමු භාරව ඉන්න චාමර සහෝදරයා ඇත්තටම සහෝදරයෙක්.

ජුඩ් කියන චරිතෙට පෙරටුගාමි  එකේ චාමර කියන දේශපාලන චරිතෙ එක්ක හැරෙන්නවත් බැ.ඒ තරම් කොලිටි සගයෙක්.

අනික දැන් මාලිමාවේ කණ්ඩායම් නායකයව ප්‍රකාශයට පත්කරල තියෙනවනේ .මේක   අපි කෙලින් කතා කරන්න ඕනා මොකද අපටත් එහෙම විවේචන ගෙන එන්න අයිතියක් මිගමුව වෙනුවෙන් තියෙනව.මොකද ලංසලගේ පවුලේ ජිවිත තර්ජන මැද්දේ ඒ පවුල් පාලනයට එරෙහිව කෙලින් කතාකරපු එකම මාධ්‍ය අපි හින්ද.

රොබට් හීන්කෙන්ද කියන්නේ මිගමු⁣වේ ජනජිවිතය එක්ක හරි ,අරගල එක්ක හරි බද්ද වෙච්ච චරිතයක් නෙමේ.ආනමඩුවෙන් කටානට ඇවිත් එහෙ දේශපාලනය කරන්න ඉඩක් නැතිවුන නිසා මිගමුවට දාපු කෙනෙක්.ඒයාට මිගමු ඒක්ක තියෙන ඒකම ‌සෘජු සම්බන්ධය තමයි උසාවිය
ඒයාව පළගතුරේ කොට්ටාශයට දාල තිබුන වුනත් ඒ් කොට්ටාශෙ අය වුනත් මෙයාට ලොකු කැමැත්තක් තියෙනවද කියන ඒක ඇත්තටම ප්‍රශ්ණයක් කියල කියන්නේනෙත් කොට්ටාශෙම අය තමයි. මාලිමාවේම අය නම් සැක කරන්නේ රොබට් හින්කෙන්දට කොට්ටාශේ දිනාගන්නත් බැරි වෙයි කියල.

අරගලය කාලේ වුනත් රොබට් වගේ නිතිඥයෙකුගෙන් අරගලයේ හිටපු ජනතාව බලාපොරොත්තු වෙච්ච දේ වුනේ නැ .ඒ අය අරගල භුමියේ අපේ අට්ටාලයට ඇවිත් කියපුව අපි මෙතන ලියන්න යන්නේ නැ.අරගලයත් එක්ක හැබැවටම බද්ද වෙලා හිටපු නිතිඥයා තමයි චාමර .මිගමුවේ විතරක් නෙමෙයි ගම්පහ කොළඹ හැමතැනම එයා හිටියා.නීති සහය ඕන උන අයට නොමිලෙම පෙනි හිටියා.

රොබට් හීන්කෙන්දට මිගමුව ගොඩගන්න පුලුවන් විදියේ කැරිස්මාවක් සහිත නායකත්වයක් තියෙනවද කියන එක අපට නම් සැකයි..අපි විතරක් නෙමේ මාලිමාවේ ක්‍රියාකාරින්ගෙන් වුනත් අහල බැලුවොත් එයාල වැඩිදෙනෙකුටත් අඩු වැඩි වශයෙන් තියෙන්⁣නේ මේ වගේ අදහසක්.නගර සභාවේ සේවකයෝ වගේම  නිලධාරීන් මේ දවස් වල රොබට්ලා වගේ අයගේ චරිත ගැන කියන  කතා ගැන  හිතල බලන එකත්  වැදගත්.

මිගමුවේ ජනතාවගේ ප්‍රශ්ණ එක්ක අවුරුදු ගානක් එකට හිටපු මාලිමාවේ ඇත්ත චරිත දෙක තමයි සංගිත් සහ හෙන්රි..කතිකත්වය වගේ අඩුපාඩුකම් තිබුනත් ගාමිණි කියන්නේ එදා ඉදන් අපි කව්රුත් ආදරය කරන චරිතයක්.මිනිහ ඇත්තටම කොලිටි පොරක් .ජුඩ්ල වගේ චරිත වලට හැරෙන්නවත් බැ ඒ කොලිටියත් එක්ක.

අනික මේකත් ලියන්න ඕනා .ජුඩ් පහුගිය කාලේ එයාගෙම ගෝලයෝ හැදුවනේ.මේ සෙට් එකේ ඉන්නව ටියුෂන් කාරයෙක්.හොද වෙලාවට මිනිහට ඡන්දෙ ඉල්ලන්න චාන්ස් එක ලැබිල නැ.ඉල්ලුව නම් අපට තිබුන වෙනම ගණුදෙනුවක් එයා එක්ක බේරගන්න.

ඊයේ කරවල නිෂ්පාදකයන්ගේ රැස්විම වෙලාවේ නියෝජ්‍ය ඇමති සුගත්ගේ මැදිහත්විම ගැන ඒ රැස්විමට ආපු අයට තිබුනේ ධනාත්මක හැඟිමක්.

මිගමුව අලුතින් ගොඩ නැගිමේ වැඩේදි සුගත් කියන්නේ විභවයක් සහිත චරිතයක්.මේක අපේ මිත්‍ර මහින්ද ජයසිංහ නිවරදිව  තේරුම් ගත්තොත් මිගමුව ගොඩ දාන වැඩේදි වැදගත්.

මිගමුව ගැන ඉතාමත් හොද අදහස් සැලසුම් තියෙන හුඟ දෙනෙක් ඉන්නව .හැබැයි ඒ වගේ අයව මිගමුව ගොඩනැගිමේ වැඩේදි එකතුකරගන්න පුලුවන් වෙන්නේ ඒක කරන්න පුලුවන් චරිත මාලිමාවෙන් ඒ වැඩෙට බැස්සොත් විතරයි.

ජවිපෙ රතු මහත්තයාටවත් රොබට් හීන්ද කෙන්දටවත් ඒක කරන්න බෑ කියල තමයි අපි නම් හිතන්නේ.

අනික මේ වෙන කොට මාලිමාවේ නගර සභා අපේක්ෂක ලයිස්තුව දාල තියෙනව.මේ ලයිස්තුව දිහා බලන කොට ඇත්තටම නගර සභාව ගැන පළාත් පාලන නිතිය ගැන ලංස⁣ලගේ ජඩ ගේම්ගැන දන්න ඒවට ගේම ඉල්ලපු ඇත්ත චරිත එකයි මේ  ලයිස්තුවේ ඉන්නේ.ඒ තමයි සංගිත්.

සංගිත්ව දූවට නොදා පිටිපනට දාන්න ගෙනාපු අදහසත්  අපට නම් හිතෙන්නේ සටකපට කුමන්ත්‍රණයක් කියලයි.දූව කියන්නෙ සංගිත්ගේ ගම.මේ කුමන්ත්‍රණය පිටිපස්සේ ඉන්නේ කව්ද කියලත් අපට නම් අනුමානයක් තියෙනව.

කොහොම හරි මාලිමාව සරල බහුතරයක් අරන් ඉස්සරට ආවත් නාවත් ලංසලගේ ගේම්වලට ගේමේන්ම උත්තර දෙන්න පුලුවන් පරිචයක් තියෙන එහෙම කරල පෙන්නල තියෙන කිපදෙනෙකුත් නගර සභාව තුල විපක්ෂය නියෝජනය කරමින් හරි ඉන්න ඕනා.පෙරටුගාමි ශිරාන් කියන්නේ ඇතුලට එන්න ඕනා ඇත්ත චරිතයක්.ශිරාන්ල වගේ  ජවිපෙ වෙනුවෙන් ඒ් කාලේ  ජිවිතය  දුන්නඇත්ත චරිත එක්ක ජුඩ්ලව අහලකින්වත් තියන්න බෑ.

මොකද දැන් ඉන්න මාලිමාවේ අයට තාමත් බැරිවුනා ලංසලගෙන් බිච් පාක් එක ගලවගන්න.හොරකම්වලට ලංසල ඒ තරම්ම ස්මාට් .

මිගමුව අලුතින් ගොඩනගන වැඩේදි අනිවාර්යයෙන්ම මාලිමාව මිගමුවේ එයට දායකත්වය දෙන්න පුලුවන් අය සියලු⁣ දෙනාවම එකතු කරගන්න ඕනා.

මහින්ද ජයසිංහට මේ අරභයා ලොකුම වගකිමක් තියෙනව.අපි එහෙම කියන්නේ මිගමුවේ ලයිස්තුව ගැන හොදින්ම බලපුහාම ලොකු capacity issue එකක් තියෙන හින්ද.

ලංසල විනාශ කරපු මිගමුව ඇත්තටම ගොඩ ගන්න ඕනා.ගණිතඥයන් අවැසි තැනට නැට්ටුවෝ දාල නම් ඒක කරන්න බෑ පුතා….

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here