මිගමුව නගරාධිපතිට ගම්වාසින් පිරිසක් පහරදෙති !

0
232

මීගමුව නගරාධිපති දයාන් ලංසාට සිය ගම වු වැල්ලවිදිය ප්‍රදේශයේදි පිරිසක් පහර දි ඇතැයි වාර්තා වේ.
වාර්තා වන අන්දමට මිගමුව නගරාධිපතිවරයා වැල්ලවිදිය,කුඩාපාඩුව ප්‍රදේශයේ හෝටලයක සාදයකට සහභාගිව සිටියදි ඔහුගේ මෝටර් නවතා තිබු මුහුදු තිරයේ තරුණයන් පිරිසක් ක්‍රිඩා කරමින් සිට ඇත.
මේ අවස්ථාවේදි බෝලයක් ඔහුගේ වාහනයට වැදිමත් සමගින් එහි සිටි තරුණයන් පිරිසක් හා බහින් බස් විමකදි මේ පහර දිම සිදුව තිබේ.
එහිදි නගරාධිපතිවරයා විසින් එහි සිටි අයෙකුට පහර දිමත් සමගින් පහර කෑමට ලක්වු තැනැත්තාගේ පුතෙකු විසින් නගරාධිපතිවරයා පහරදි තිබේ.
මේ අවස්ථාවේ නගරාධිපතිරයාද බිමතින් සිට ඇතැයි ප්‍රදේශවාසින් පවසන අතර මේ පහරදි හේතුවෙන් ඔහුගේ මුහුණට තුවාල සිදුව තිබේ.
දෙපරිසක් අතර සිදුව ඇති මෙම ගැටුමේදි මිගමුවේ පොලිස් බලධාරින් පක්ෂපාති නොවි සාධාරණව කටයුතු කරන්නේද යන්න ගැන ගම්වාසින් දැඩි විමසිල්ලෙන් සිටින බව මාධ්‍ය හරහා රටටම පවසා සිටින ලෙසද අපගෙන් විශේෂ ඉල්ලිමක් සිදුකර තිබේ.
මේ වන විට රටේම කථා බහට ලක්ව ඇති ASP එරික් පෙරේරා සිටින්නේද මිගමුවේ විමද තවත් විශේෂත්වයකි