මිගමුව නවලෝක රෝහලේ හෙද කාර්ය මණ්ඩලයේ දුක්ගැනවිලි …

0
98

ලංකාව තුල කොරෝනා ආසාදනයට ලක්වු වැඩිම කාර්ය මණ්ඩල සාමාජිකයන් පිරිසක් සිටින රෝහල බවට පත්වු මිගමුව නවලෝක රෝහල සිය සලකාකාර බලපුලුවන්කාරකම් යොදාගනිමින් නිතිය ගාණට නමා එහි ව්‍යාපාරික කටයුතු පැයක්වත් නොනවත්වා කරගෙන යන එකට අමතරව මේ වන විට විශේෂයෙන්ම එහි හෙද කාර්ය මණ්ඩ සේවිකාවන්ව තවත් අපහසුවට පත්කරමින් ලාබය ගැන පමණක් සිතා කටයුතු කරන්නේ යැයි වෝදනාවක් එල්ල වෙමින් තිබේ.
එනම් හෙද කාර්ය මණ්ඩලය නවලෝක රෝහල විසින් කුලියට ගෙන ඇති නිවසක රදවා ඇති අතර සේවා මුර අවසන් වු පසු දින 6ක් එහි දිනපතා නැවැති සිටිය යුතුව ඇත.,
ඒ කාලය තුල ආහාර පාන ආදිය සියල්ල ද අදාල හෙද කාර්ය මණ්ඩලය විසින්ම සපයා ගත යුතු අතර ඒ සදහා කිසිදු සහනයක් නවලෝක රෝහලෙන් නොලැබෙන බව කියැවේ.
මිගමුවේ අනෙකුත් පුද්ගලික රෝහල්වලට ක්‍රියාත්මක කළ නිතිය මිගමුව නවලෝක රෝහල ඉදිරියේ නවා වංගුවක් ගසා කටයුතු කළ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කොමිස් පප්පලා දෙදෙනෙකු ගැන දැනටමත් ප්‍රසිද්ධියට පත්ව තිබේ.
ඒ අය මේ සෙල්ලමට කප් ගැසුවන් බව කියන්නට තවත් උදාහරණ ඕනෑ තරම් තිබේ.