මිගමුව පොලිසියේ බීමතින් පැමිණි නිලධාරින් පිරිසක් වැල්ලවිදීයේ ගම්වැසියන්ට පහර දුන් බවට චෝදනා !

0
727

මිගමුව වැල්ලවිදිය ධිවර ගම්මානයක් තුල කරගෙන යන කුඩු ජාවාරමට ගම්වැසියන් එරෙහිවිම නිසා පසුගිය කාලය තුල මේ ගම්වැසියන්ට ගල් ප්‍රහාර එල්ල කරන්නට මේ කුඩුජාවාරම්කුරුවන් කටයුතු කට ඇතැයි බලපතල චෝදනාවක් පවති.

ඔවුන් මේ ගැන මිගමුව පොලිසිය වෙත අවස්ථා කිපයදි පැමිනිලි කර සිටියද කිසිදු පියවර නොගත් බවටද චෝදනාවක් පවති

මේ ගල් ප්‍රහාර එල්ල කරන අයෙකුව ඊයේ මැදියම් රැයේදි වැල්ලවිදියේ ගම්වාසින් විසින් අල්ලාගෙන ඇති අතර නිතිය ක්‍රියාත්මක කිරිමට පොලිසිය ගමව පැමිණ තිබුණද පසුව සිදුව තිබුනේ එසේ පැමිණි පොලිසිය විසින් ගම්වැසියන්ට පහර දිමය.

මෙසේ පැමිණි පොලිස් නිලධාරින් බිමතින් සිටි බවටද ගම්වාසිහු චෝදනා කර සිටිති.

මෙයට එරෙහිව අද පෙරවරුවේ වැල්ලවිදියේ දෙවස්ථානය ඉදිරිපිට විරෝධාතාවයක්ද පැවැත්වේ